Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-12-15

Linux මත Automatic Login සක්‍රිය කිරීම


බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..

මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..

/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු

AutomaticLoginEnable=true
AutomaticLogin=tharaka


හෝ
TimedLoginEnable=true
TimedLogin=tharaka
TimedLoginDelay=0


එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.

2010-11-21

අඳුරු අහසක රෑ කැටයම්...


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක ....

මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක .....


ගායනය :- රකිත

සිංදුව ඕන අය මෙතනින් ගන්න.


විශේෂ ස්තූතිය උදාර මදුෂංක සොයුරාට.
පින්තූරය : http://f-atedaffinity.blogspot.com/2009_10_01_archive.html පිටුවෙනි.

2010-11-20

Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි

මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම.


බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති. :D

2010-11-14

නුඹ මගේමද?


එකට ලංව දෑගිලි පටලා,
එකම වලහලක් යටට වෙලා ඉන්න,
ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්,
සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා...
සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත්
නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා,
නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත්
නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා.
මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්,
නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට,
තව තවත් නුඹට ආදරේ කලේ
නුඹ මගේමයි කියල
හිතපු නිසා


ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

2010-11-13

මේං මේ අය සාජ්ජේට සිංදු කියලා

ඔන්ලයින් සාජ්ජේ ගැන කිහිපවාරයක් ලිවුවනෙව. ඒත් දන්නැති අය ඉන්නව නං මෙන්න ලිංකෙ ගිහින් බලාගන්ට. අරඹපු හැටි පවා ලියල තිබුණා.

ඉතිං පහුගිය ‍දවස් ටිකේ බැලුවම සාජ්ජෙට අලුතිං සහභාගී‍ වෙන පිරිස වැඩිවෙලා වගේ. සර්ච් පාරක් දාල බැලුවම අලුත් අය ගොඩක් සාජ්ජෙට සිංදු කියල තියෙන බව දැක්කා. මගේ රේඩාර් එකට මේං මේ අය අහුඋනා සිංදු කියල තියෙනව කියලා. බලන්නකෝ ඔයාගෙ නමත් තියේද කියලා.

maduonline
uvindubt
thisara8
KasunWeer
budhajeewa
CrazyAnsh
thameera
randeera
Nodaruva
yfmdjslash
AnjulaMalshan
lishwish
udithaumesh
CrazyNalin
lasanthabuddika
isuru71
anushkalakmal
gayantha
champike
wmharshana
NisansaDdS
Polzie
NaveenAsphalt
nisald
gopiharan
roshm
namila007


ඔච්චර තමයි මට කාලය හරහා අතීතයට යන්න පුලුවන් උනේ. ඉතිං කාලය හරහා එහෙම යද්දි තවත් දැකපු කරුණක් තමයි මේ සැරේ විවිධ භාෂා වලින්(හින්දි සිංහල දෙමල ඉංග්‍රිසි) ගීත ඉදිරිපත් කරල තිබුණා. ඒ වගේම නොදන්නා අයව සාජ්ජේ පිළිබඳව දැනුවත් කරලත් තිබුනා. ඒ අතරේ #sajje අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ‍විදෙස් මිතුරන් දැනුවත් කිරීමක් කරමු යන ‍යෝජනාවත් බුදාජීව ඉදිරිපත් කලා. ඒ අනුව නැවතත් ඉංග්‍රිසි බසින් ලිපියක් ලියා පලකලා. මිතුරන් දැනුවත් කිරීමත් කලා. තවත් සාජ්ජේට සහභාගි වෙන්න කැමති අය ඉන්නවනම් ඉතිං සිංදුවක් දෙකක් කියල මේ පැත්තට එන්න පුලුවන්. ඒ වගේම ඔයා‍ලගේ ට්විටර් යාලුවන්වත් දැනුවත් කරන්න. තව ඔයාලගේ අදහස් එහෙම තියේ නම් අපිට කියන්න.

සඳ නැති ලෝකයක්



මුළු ලෝකයම එළිය කරමින්
සඳ එළිය දසත විසිරෙන්න,
ලස්සනට පිරුණු සඳ පායල තියෙද්දී.
මොහොතකට ඇස් දෙක පියාගත්තෙ
ඒ ලස්සන හිතින් විඳගන්නයි.
ඒත් ඇස් ඇරල බලද්දි,
මගේ ලෝකයම එලිය කරමින්
ලස්සනට අහසෙ පායල තිබුණු සඳ,
පෙනෙන්නට තිබුනෙ නැහැ.
වලාකුළු පෙරළමින් සෙව්වත්
ඒ සඳේ ඡායාවක් වත් පෙනෙන්නවත් නැහැ.
කවුරුන් හෝ ඇසිපිය හෙලන සැනින්,
ඒ සඳ මගේ අහසෙන් හොරකම් කරල.
ආයෙමත් ලස්සනට පායල තියෙනව දකින්න
ආස උනත් ඒ අහසෙ ඉතිරි වෙලා තිබුනෙ
දුබල ලෙස ආලෝකය පතුරන්නට වෙහෙසෙන
පුංචිම පුංචි තාරකාවන් කිහිපයක් විතරයි.
ඒත් කොපමණ උත්සහ කලත් ඒ තරුවලට
ගණදුර දුරු කරන්න බැරි උනා.
ඇසිල්ලකින් මුළු ලෝකයම අඳුරෙන් වැහිල ගියා.

ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

2010-11-09

රජරට සවාරිය සහ ආපසු ගමන

කලින් පෝස්ට් එකෙන් රජරටට යාල්දේවියෙන් ගිහින් උඩමළුව ලඟට ගිහිපු හැටි ලිවුවා ඒක තවම බලපු නැති අය ඉන්නව නං මේං ලින්ක් එක ඒක ඉස්සෙල්ල බලල ඉන්න.

ඉතිං උඩමළුව ගාවට ගිහිපු අපි වෑන් එකට අර දාපු කලෙක්ෂන් එකෙන් ගාණ පියවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඒ දෙසට පිටත් උනා. මේ පහලින් තියෙන්නේ ඒ පාර තමයි.

ඔය පාර දිගේ ඉදිරියට යද්දි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පූජා භූමියට ඇතුලු වෙන තැන ඉදි කරල තියෙනව මල් කඩ පෙළක්. අපි එතනට ළඟාවෙනවත් එක්කම

“මල් අරන් යන්න එන්න“
“අපෙනුත් මල් අරගන්න“
“මේ හරියට කවුරුවත් එන්නෙ නෑ මේ හරියනේ ගන්න“

ඒ කඩ පාරෙන් ටිකක් එහාට වෙන්න තිබුණු නිසා දෙන්නෙක් ගියා මල් අරන් එන්න. අනිත් අය ඇතුළු වීමේ දොරටුව ළඟ
පින්තූර ටිකක් ගත්තා.

ඉතිං පූජා භුමියට ඇතුල් වෙන්න පාර තිබුණට එතිනින් ඇතුළු වෙන්න දෙන්නෙ නැහැ. පරීක්ෂා කිරීමේ කුටියක් ඇතුලින් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ.

අපි ගියේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වෙන්න. ඒත් ප්‍රශ්නයක් පාවහන් නැගෙනහිර දොරටුවේ තියල ගියොත් ආයෙම මේ පැත්තෙන් එන්න වෙනවා. ඉතිං අපි තීරණය කලා උතුරු දොරටුවෙන් ඇතුළුවෙන්න. උතුරු දොරටුව ළඟ පාවහන් තියල ඇතුළු උනා. මල් පූජා කරල වැඳල එහෙම ඉවර වෙලා පින්තූර ගනිමින් මළුව වටේ ඇවිද්දා. ඇවිද්දෙ වට තුනක් විතර උනාට මටත් උතුර දකුණ මාරු උනා. තව පාරක් වටයක් ඇවිද්දම උතුරු දොරටුව තියෙන පැත්ත මතක් උනේ. හිතුවට වඩා වෙලා ගතවෙලා කියල දැනුන.



මේ ඉහලින් තියෙන එකට කියන්නේ ප්‍රාර්ථනා බෝධිය කියලලු. කට්ටිය අත ගාලම ඒකෙ කඳ මැදිලා.

මළුව ඇතුලෙදි මේං මේ සුදු පරෙවියා දකින්න හම්බුනා.

උතුරු දොරටුවෙන් එළියට ආවම ලෝවාමහාපාය. එතන ඉදන් කට්ටියම පින්තූර ගත්ත.

නැවතත් රුවන්වැලි මහ සෑය වෙත පාගමනින් ඇදුන. මේ පහළින් තියෙන්නෙ ලෝවාමහාපාය ලගට චෛත්‍යරාජයා පේන ආකාරය තමයි.

අහසෙ අඳුරු වළාකුළු නිසා රත්නමාලී චෛතය රාජයා අපූරුවට පේනවා. පාවහන් ගලවල රැදවුම් කුටියෙ තියල ඇතුළු උනා. පුදබිමට ඇතුළු වෙනවත් එක්කම සෑහෙන වෙනසක් දැනුනා. මේ තියෙන්නේ ඉර වැහි වළාකුළු අතර සැඟවුණු වෙලාවක මම ගත්තු පින්තූරයක්.


මල් පූජ කරල චෛත්‍ය රාජයා වටේ ඇවිදගෙන යද්දී පොළවට අල්ලලා තියෙන ගල් පතුරු වල කොටල තියෙන අකුරු කියවන්නත් අපේ කට්ටිය උත්සහ කලා. උතුරු පැත්තට වෙන්න තියෙන දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතාගේ දළයක් පෙනව කියල තියෙන තැන නැවතිල නැවතත් පින්තූර ටිකක් අරගත්තා.

ඒ අතර තමා දැක්කේ වාඩිවෙලා වැද වැඳ හිටපු ගෑණු කෙනෙක් ආවේශ වෙලා මොකක්ද විකාරයක් කරනවා.

රුවන්වැලි චෛත්‍යරාජයා ලඟින් නැවතත් අපේ ගමන පයින්ම ඇරඹුනා. මේ ලංකාරාමය.



මහමෙව්නාවේ නටඹුන් නරඹමින් සමාධි බුද්ධා ප්‍රතිමා වහන්සේ ඇතුළුව අමස්ථානයම පාගමනින් වැදල ඉවර වෙනකොට හවස 6.00ත් පහුවෙලා. ඒ උනාට ගොඩක් කළුවර වෙලා තිබුණා.

උදාරට ඇමතුමක් අරන් රාත්‍රී ආහාරයත් අරගෙනම එන බව පැවසීමටන් පසු වටවන්දනා මාර්ගය දිගේ අපේ අය පා ගමනින්ම ආපසු එන්න පිටත් උනා. එනවා එනවා ඉවරයක් නැති පාටක් තමා පේන්නේ. කූට්ටම් පොකුණ ලඟට එනවිටත් හොදටම කළුවර වැටිල. ගෙයක් දොරක් පේනතෙක් මානෙක නෑ පාර විතරයි. පැය බාගයක් විතර ඇවිද්දට පස්සෙ ඔන්න ගෙවල් කිහිපයක් ලඟට ආව. පාර හරිද කියල දන්නෙ නැති නිසා අපි ලඟ තිබුණු කඩේකට ගොඩවැදිල ටවුන් එකට මේ පාර දිගේ කොච්චර දුරද කියල විමසුවා. තව කිමී 2ක් විතර තියෙන බව තමයි දැනගන්න ලැබුනේ. රෑ බෝවී තිබුණු නිසා ජේතවනාරාමයට නොගිහින් එන්න හැදුවත් ළගම පාර තියෙන්නේ ජේතවනාරාමය මැදින්.

විදී ලාම්පු වල එලියෙන් පාර හොයාගෙන යන අතරේ වාහන යන පාරක් පේන්න ගත්ත. අපි පාරෙන් ඉවත්වෙලා අර වාහන යන මාර්ගය පැත්තට නටඹුන් අතරින් ගියා.

ළගටම ගියාම තමා දැක්කේ කම්බි දෙක පාර හරහා ඇදල තියෙනවා. ඒකෙනුත් පැනල පාරට ආව. මොන පැත්තට යන්නද කියල ෂුවර් එකක් නැ. අපි වමට හැරිල ඉදිරියට ආපු මෝටර් සයිකලයකින් පාර ඇහුවා.
"තව කි.මී 2ක් විතර තියෙනවා. ඔහොම ඉස්සරහට යන්න"
අන්තිමේ කොහොම හරි 7.45 විතර වෙද්දි ආයෙම උඩමළුව ලගට එන්න පුලුවන් උනා. එතන ඉදනුත් පාරට 1km තියෙන බව එතන හිටපු පොලිස් නිධාරියෙකුගෙන් දැනගන්න පුලුවන් උනා.

පාරට ඇවිත් කුරුණැගල බස් තියෙන තැන හොයාගන්න තව පැය බාගයක් විතර ඇවිද්දා.. ඊට පස්සෙ තමයි යන්න පුලුවන් තැනකට වෙලා හිටියේ කුරුණෑගල බස් එකක් එනකං. කුරුණෑගලින් ආපු යාලුවට පහුවෙනිදා තමයි රස්සාවෙ පලවෙනි දවස කොහොම හරි ගෙදර යන්න ඕන කිවුවා. ඉතිං මෑන්ස් ට කන්න බොන්න ගෙනත් දීල අපේ අය තුන්දෙනෙක් කාල එන්න ගියා. ඉතිරි අය බස් නැවතුමට වෙලා බස් එකක් එනකං හිටියා. ඒ අය කාල එනකනුත් බස් එකක් නැහැ. අපි කාල එනකොට යාලුව ගිහින් තිබුණා. ආයෙම අපි තලාව බස් එකක් එනකං අනුරාධපුරට වෙලා හිටියා..
පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් ඉදිරියෙන් හිටපු නිසා අපි ගිහින් බස් ගැන විමසීමක් කලා.
"ඔයාල කොහේද?"
කට්ටිය හතරවටේ ගම් කියනවා. එපාර පැහැදිලි කරල කිවුවා. ක්ලාස් එකක යාලුවෝ කියලා..
"හරි පාරෙ අනිත් පැත්තෙන් ඉන්න. මං නවත්තල දෙන්නං"

අනිත්පැත්තෙ තියෙන්නේ පාලමක්. ඔන්න ඉතිං කස්ටියම පාලමේ ඇන්ද උඩ වාඩිවෙලා ඉන්නවා විහිලු තහලු කරකර.
ඒ අතර දවසේ සිදුවීම් ආවර්ජනයකුත් කලා. පයින් යෑම ගැන එහෙමත්.
ඒ අතර මෙච්චර වෙලා කට වැඩිය අරින්තැතිව හිටපු කල්ප එකපාරටම
"මේක තමයි නියම ෆන් එක"
පොරට පාළම් ඇන්ද උඩ ඉන්න එක තමා ෆන් එක වෙලා තියෙන්නේ.
බස් එක එනකංම මෑන් තමා අනිත් අයගේ බයිට් එක උනේ..

කොහොම හරි රෑ 12 වෙනකොටම වගේ අපි තලාවට ලඟා උනා.. වැවක නාන්න හිටියට ඒවැඩේ කල් දාන්න උනා. මේ රෑ මොන වැව්ද? පහුවෙනිදා උදේම වැවේ නාමු කියල. ඇග පත හෝදං නිදාගත්තා.
____________________________________________________________

ඉතිං පහුවදා උදේම නැගිටල දත කට මැදගෙන ඉවරවෙන කොට උදේ කෑමට තිබුනේ මේං මේවා..


අහල බලද්දි තමා දැනගත්තේ ඉඹුල් කිරිබත් කියලා. එදාම තමා කෑවේ. රසම රසයි. අනිත් අය නං කලිං කාල තිබුනා.
කාල ඉවර වෙලා ගියා වැවකට නාන්න. නාගනෙ ඉවර වෙලා ගියා සීගිරි.. සීගිරි කාශ්‍යපගේ ටීවී රූම් එකත් බලලම ආව.
එද්දි ගොඩාක් රෑ වෙලා ඒක නිසා ආයෙම පන්නිපිටියෙ නැවතිල පහුවදා කෝචිචියෙන්ම ආයෙ ගෙදර බලා ආව.

තවත් විස්තර ලියන්න තිබුණා මේක දැනටමත් දිග වැඩී කියල හිතුන නිසා අන්තිම දවසෙ එවුවා ෂෝට් කරල දැම්මා. D

-------------------------
පලි: ඉතිං කවුරු හරි යනවනං අනුරපුරේ කියන්ඩ තියෙන්නේ උඩමලුවට අන්තිමට එන්න තියාගෙන අනිත්පැත්තන් වන්දනාව පටන් ගන්න කියලා.. Train Time Table එක ඔන්ලයින් විතරක් පරීක්ෂා කරල තීරණ ගන්න එපා..
ගිය මාසෙ ඉදන්ම ලියල ලියල ඕං අද තමා මේක පබිලිස් කොරගන්න පුලුවන් උනේ.. අපිත් පලි කෑල්ලක් දැම්ම කියල කකා නඩු දාන එකක් නෑ මයෙ හිතේ නේද?

2010-10-21

යාල්දේවියෙන් රජරට බලා ගිය හැටි

BCS Diploma එකේ විභාගේ කරල ඉවරවෙලා අපි ට්‍රිප් එකක් යන්න ඕන කියල තීරණය කලා. හැබයි අදහස තිබුනේ Certificate එක ඉවර කරල යන්න. කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය 18 වෙනිදට. යාලුවෝ ටික එක එක පැති වල, ලසන්ත ඉන්නෙ පන්නිපිටියෙ ට්‍රෙෂාන් කැලණියෙ වෙනුර ඉන්නෙ වැලිගම කල්ප අලුත්ගම මදුෂාන් කුරුණෑගල ඉතිං සංවිධාන කටයුතු සේරම කලෙත් අන්තර්ජාලය හරහා. ඒකට ගූගල් මැප්ස් ගොඩාක් උදව් උනා :). ප්‍රධාන සංවිධායක පට්ටම ගත්තෙ ට්‍රෙෂාන් ඒත් පට්ටමේ වැඩ කලේ ලසන්ත.

අපි තුන්දෙනෙකුට වොරන්ට් ලියාගන්න පුලුවන් උනා. http://railway.gov.lk එකට අනුව උදේ 5.45ට කොටුවෙන් යන යාල්දේවී දුම්රිය 9.10 වෙද්දී අනුරාධපුරයට යනවා. ඒකෙන් යන්න තීරණය කරගත්තා. නවාතැන් ප්‍රශ්නෙට කරන්නෙ මොකක්ද කියල හිත හිතා ඉදිද්දී රජරට පුත්‍රයාව මතක් උනා. ඉතිං නවතින්න තැනක් සෙට් කරන එක රජරට පුත්‍රයට බාරදීල අනික් දේවල් ලෑස්ති කරා.

9.10 වෙද්දි අ‘පුරට දුම්රිය යන නිසා කෙලින්ම නවතින තැනට ගිහින් බෑග් තියල අටමස්ථානේ වන්දනා කරල වැවකින් එහෙම නාල කරල සීගිරියට බලා ගිහින් ගෙදර එන්න තමයි සංවිධානය කරගත්තේ.

අපිට ඉතිං 5.30ට කොළඹ යන්න පුලුවනෑ. ලසන්තලගෙ ගෙදරට ගිහින් එහෙන් කොළඹකොටුවට යන්න තීරණය උනා. ඒ අනුව මම,කල්ප,ට්‍රෙෂාන්,වෙනුරට ට්‍රිප් එක 17 වෙනිදට පටන් ගැනුනා.

17 වෙනිද හවස 3.00ට ගෙදරින් ගියාම හරියටම 7.00 වෙද්දි පන්නිපිටියට යාගන්න පුලුවන් උනා. ට්‍රෙෂාන් 8.00ට විතරත් අනිත් දෙන්න 9.00ට විතරත් ආව. මම ගියේ කටුබැද්ද කොට්ටාව හරහා. 5.30ට කොළඹ යන්න ඕන නිසා වෑන් එකක් කතා කරගත්තා. 18 වෙනිදා පාන්දරිංම නැගිටල ඕං 5.20 වෙද්දි කොළඹට ගියා. ගිහින් වොරන්ට් ටික ලියාගන්න මගේ වොරන්ට් කොලේ බලද්දී ඒක මිසිං. බැලින්නං කලින් දවසේ වෙනුරයා හිමීට ඒක හංගල. කොහොම හරි පරක්කු වෙන හින්දා ඒ වෙලාවෙම ඒක හම්බුනා නැත්තං තව ටිකක් හංගන් ඉදී. කල්ප 1st Class මමයි වෙනුරයි 2nd Class අනිත් අයත් 2nd class ටිකට් අරගත්ත. ගිහානුත් අපිට එකතු වෙන්න හිටියෙ කොටුවෙදි.

5.30 වෙලත් ගිහාන් තාමත් නෑ. අපි ටික කෝච්චියට නැග්ගා. කෝච්චිය ඇද්දුවා. අපි බහින්නයැ. ගිහාන්ට බස් එකේ වරෙන් කියල කෝල් එකක් දුන්න. පොර බස් එකේ එනව අපි කෝච්චියෙ යනවා. නගරාන්තර දුම්රියක් නිසා වැඩිය නැවතුම් නෑ. ගමන විතරයි. ප්‍රයිවට් බස් එකක වගේ සිංදුත් ඇහෙනවා හැබයි නෝමල් ඒවා. යාල්දේවියෙ කොච්චර ඉඩ තියෙනවද කියනව නම් අපේ බෑග් පවා තිබ්බෙ අනිත් පැත්තෙ ෂීට් උඩ.


ආ තව එකම පැත්තකට යන කෝච්චියකට ඉස්සර කරනව ජීවිතේ ප්‍රථම වතාවට දැකගත්ත. අවට සිරි නරඹමින් පින්තූර ගනිමින් යන අතර ඕං එකෙක් කාඩ් පැක් එකක් ඇදපි.

“ඹ්මියක් බලමුද බං“
“හතර දෙනාට නේ පුලුවන් අපි 5ක් ඉන්නවනේ“
“මට නං පිටිපස්ස බලාගෙන යන්න බෑ උඹල සෙල්ලම් කරපල්ල“
ට්‍රෙෂාන් ස්වේඡ්චාවෙන් ඉවත් උනා එහෙම කියල.

එපාර වෙනුර ඕමි බලන්න දන්නෑලු. ලසන්ත කුප්පි පාරක් දැම්මා. වැඩේ ගොඩ හැබයි. තියං කපල කොල දෙක දෙක දුන්න. අපි ඉතිං පලවෙනි පාර නිසා මිනිහට චාන්ස් දෙක තුනකුත් දුන්න.

ට්‍රෙෂානය පොඩි නින්දක් දාගෙන ඉදල අපි පින්තූර ගන්නැද්ද බං කියල අපට ඉස්සරහින් හිටපු ෂීට් එකේ අංකල් කෙනෙක් එක්කරගෙන ඇවිත් ඔක්කොමලගේ පින්තූරයක් ගන්න සෙට්කරගත්ත. පින්තූරෙ අරන් ඉවර උනාට පස්සේ අංකල්ගෙන් ඉංග්‍රිසි පට්ට ලෙසන් එකක් හම්බුනා ඔක්කෝටම. ආයෙම අපි සෙල්ලම් කරද්දි ට්‍රෙෂාන් අර අන්කල් එක්ක කඩු ෆයිට් එකක් පටන් අරන්. මොනව කතා කරාද කියල අපට නම් ඇහුනෙ නෑ. මොනව උනත් දෙපැත්තෙම සිංහල ඉංග්‍රිස් කවලමක් කියල නම් තේරුණා.

අපි වොරන්ට් නිසා අපට බුක් කරපු ෂීට් තමයි හම්බෙන්නේ. කල්පගේ ෂීට් එක 1st Class. මගෙයි වෙනුරගෙයි 2nd Class. ඒ උනාට අපි ගියේ 2nd Class බුක් නොකරපු ෂීට් වල. මෙන්න යාල්දේවියේ ඇතුල.



වෙනුරය ඒ අතර ට්‍රෙෂානයට බෝල බස්සනවා. 1st Class එක AC කරල තියෙන්නේ. ෂීට් තියෙන්නෙ ඇජෙස්ටබල් ඒවා කියල. ට්‍රොෂානයටත් නිකං ඉන්න බැරිකමට ගිහින් 1st Class ආසන මොන වගේද? 2nd Class වෙන් කල ආසන මොනවගේද කියලත් බලල ආව. අනුරාධපුරේටම යන නිසා මුලු කෝච්චිය පුරාම අපි ඇවිදල තිබුණ. :)

කුරුණෑගලදී මදුෂාන් අපිත් එක්ක එකතු උනා උදේ කෑමත් අරන්. හත් දෙනෙකුට කෑම ගෙනාවට අපි 6දෙනයි නෙව කෝච්චියෙන් ආවෙ. හත්දෙනෙකුගෙ කෑම අපි හයදෙනා ඉවර කරා. කුරුණෑගලට ඇවිත් රජරට පුත්‍රයට කෝල් කරන්න කියපු නිසා කෝල් එකක් අරන් කිවුවා අපි කුරුණෑගල බව. හැමෝගෙන්ම 1500 ගානේ කලෙක්ෂන් එකක් දැම්මා. ලසන්ත තමයි මුල්‍යමය කටයුතු පරිපාලනයට බාරගත්තෙ.

රජරට පුත්‍රය එයාලගේ ගෙදරම තමයි නවාතැන් ලේස්ති කරල තිබුනේ. දැන් අපි යන්න ඕන තලාවට. නගරාන්තරේ තලාවෙ නැවැත්තුවෙ නෑ. ඉතිං අ‘පුර තමයි නැවතුනේ. ඒ වෙද්දි වෙලාව හරියටම උදේ 11.30යි. කෝච්චිය අනුරාධපුරයට ලඟා උනේ CGR website එකේ තියෙන වෙලාවට වඩා පැය දෙකක් පහුවෙලා.



දැන් අපි ප්ලෑන් කරපුව සේරම අවුල් වෙලා. ආපහු තලාවට බස් එකකින් ආව. තලාව බස් නැවතුමේ ඉදලා ආයෙම රජරට පුත්‍රයා ඇමතුවා. ගෙදරට යන පාර අහගත්ත. ගෙදරට දාපු ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ආයෙම කෝල් එකක් ගත්ත. එතකොටම රජරට පුත්‍රයාගේ රූපය ගේට්ටුව අතරින් මතු උනා. අපි ඇතුලට වෙලා බලන් ඉන්නව එයාල එලියට වෙලා අපි එනකං බලන් ඉන්නව. :D. දෙගොල්ලන්ටම හිනා. අපි ආගිය තොරතුරු කතා කරන අතර ගිහාන්ව එක්කන් එන්න අපේ දෙන්නෙක් ආයෙම තලාව බස් නැවතුම බලා පිටත් උනා.

ඒ දෙන්නත් එක්කලම ගිහාන් අපිත් එක්ක එකතු උනා. රජරට පුත්‍රයගේ අම්ම අපට උදේ කෑමත් ලේස්ති කරල. උදේ කෑම දවල්ට ශීෆ්ට් කරා. දැන් වෙලාව දෙකට විතර ඇති. ගමන දවස් දෙකකින් ෂේප් කරගන්නත් ඕන. ආයෙම ඩිස්කෂන් එක දාගෙන ඉදිද්දී අවට වැව් තියෙන විත්තියත් හවස් වෙලා නාගන්න පුලුවන් කියන අදහස රජරට පුත්‍රයගෙන් ආව. අපේ කට්ටිය වැඳුම් පිඳුම් වලට වැඩිවෙලාවක් ගන්න එකක් නෑ කියල හිතල 5.30ට වත් ආපහු එන්න හිතාගෙන ආයෙමත් පූජානගරයට යන්න අනුරාධපුරය බලා පිටත් උනා. බෑග් සේරම ඒ ගෙදර තියල එකක කෑම බීම ටික දාගෙන මදුෂාන් එදාම ගෙදරයන්නත් බලාගෙන තමයි අපි අ‘පුරයට ආවෙ. එදා මදුෂාන්ට නෑම තහනම් කරල වතුරට බහින්න එපා කියල වෝනිං එකක් හම්බෙල තිබුණ.

අනුරාධපුරයට ආයෙම ලඟා උනා. එතනින් වෑන් එකක උඩ මළුවට යන්න එක්කෙනාගෙන් රුපියල් 10ක් විතරයිලු ගන්නේ. අපිත් එහෙම වෑන් එකක් හොයාගත්ත.
“උඩමලුවට එක්ක යන්න 100යි“
අනිත්පැත්තට දෙසීය ගාණක් කිවුව දැන් මතක නෑ.
“1500ක් දෙනව නම් සේරම එක්කන් යන්නම්“
වාහනේ ගනන් හිලවු කිවුව.

“මොකද කරන්නේ“
“උඩමලුවට යමු, 130යිනේ. එතනට ගිහින් හැමතැනටම පයින්ම යතෑකි“
“එහෙනං එහෙම කරමු“

අපි වෑන් එක කතා කරගන්න අතරෙ ට්‍රෙෂානයයි ගිහානයයි මෝටර් බයිසිකල් කඩේකට රිංගල බයික් ගැන විස්තර අහනවා. උන් දෙන්නත් ඇදගෙන වෑන්එකට නැගගත්ත. උඩමලුවට යනකං බයික් ගැනමයි දෙන්නගෙ කතාව. කොහොම හරි 3.00ට විතර උඩමළුවට ලඟා උනා.

මේ දවස් වල අටමස්ථානෙ කොහොමද? අටමස්ථානෙම වඳින්න පැය දෙකක් අපට ඇතිවෙයිද? මදුෂාන් එදා රෑ ගෙදර යයිද? අපට ආපහු තලාවට යන්න පුලුවන් වෙයිද? රෑට කන්නෙ කොහොමද? කියලා ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.

2010-10-11

NVQ 5 & 6 විභාගේ ප්‍රතිඵල ඇවිත්...!

කලින් ලියපු පෝස්ට් එකක තිබුණ ජොබ් එකෙන් අයින් වෙලා මේ විභාගෙ ලියපු හැටි ඉතිං ඔන්න ඒ විදියට ලියපු විභාගේ ප්‍රතිඵල ඇවිත්ලු. ඉතිං ප්‍රතිඵල බලන්න ගියා. කරපු 12ම ගොඩ. කලින් පෝස්ට් කමෙන්ට් වලින් සුභ පතපු ඔක්කොටම ස්තූතියි. මෙන්න මගේ සමස්ථ ප්‍රතිඵලය.

1.Database Systems M
2.System Analysis & Design and Software Testing M
3.Software Programming D
4.Software Programming (Practical) D
5.Graphic Design (Practical) D
6.Graphic Design C
7.Data Communication and Network M
8.Multimedia Applications (Practical) D
9.Web Design and Development M
10.Web Design and Development (Practical) D
11.Mathematics D
12.English M


දැන් තමයි අමාරුම තීරණය ගන්න වෙන්නේ. ඉදිරියෙදි මොන අංශයට යොමු වෙනවද කියන එක තීරණය කරන්න වෙනවා.
Web Development වලට ආසයි.
Software Development එකත් හොදයි.
Networking උනත් කරන්න පුලුවන්.

මොකක් තෝරගන්නද කියල හිතාගන්න බෑ. තේරීමක් නොකර ඔක්කොම ගැන කරන්න පුලුවන් උනානම් හොදා කියලත් හිතෙනව.

ප්‍රතිඵල එන අතරතුරේ BCS Diploma Exam එකත් ලියල දැම්මා. BCS Graduation Ceremony එකට ගියා. Certificate එක අරගත්තා. ජොබ් එකක් හොයාගන්න තමයි දැන් නම් ට්‍රයි එක.

2010-10-06

Install Smarty on Fedora 13

1.Download Smarty from www.Smarty.net

2.extract it to same location where downloaded place

3. now make a directory named as "Smarty" in /usr/local/lib/php location
mkdir /usr/local/lib/php/Smarty

4. copy all the content of lib folder where extracted downloaded file to /usr/local/lib/php/Smarty
locate extracted folder (Smarty-xx) & then give
cp libs/* /usr/local/lib/php/Smarty

5.Set SElinux to permissive mode.
System->Administration->SELinux Management

* Remember to set template_c & cache writable for others

Quick install guide>>

2010-09-08

What is this #Sajje tag


Sajje is a term to represent musical event which held using instruments in Srilanka. also called mat party. sajje is an very entertaining event. everyone sing songs together or alone.

#Sajje is an musical event which srilankan twitters wage on twitter such as sinhala blogger's blog marathon. some srilankan twitters start to tweet some parts of sinhala songs in their leisure time. as i still remember liswish callkalpa & binku tweet some songs & replied to that songs. and also re-tweeted them. but they didnt uses a single tag.

after that one day (28th October 2009) mahesharandara tweet a part of a song. & re-tweeted by binku. after that replied udaraumd & discussed further. then
acording to buddyj suggested to use #sajje for that discussions & songs. and also they hope do this topic as a trending topic on twitter. so most of srilankan twitters tweets that night using #sajje tag. most of them was songs.

after that some people started to put some funny ads on that. some are pass hints to others. some people replied from another songs. some are re-tweeted them. that day this event was very popular & they held it till passing midnight also.

after that every Saturday held this. but now they tweet whole week using #sajje tag. but still most of them tweet Saturday night.

Follow this link to recent singers list : D http://tweetchat.com/room/sajje

#sajje group on facebook http://www.facebook.com/group.php?gid=115076628532678&v=wall

sinhala post http://kpgtharaka.blogspot.com/2009/11/blog-post_29.html

2010-08-18

3-Iron


මේ ටිකක් අමුතු කෙටි චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයාට සියලු දේ නොපෙන්වා සිතීමට යමක් ඉතිරි කරමින් කතාව ගලාගෙන යනවා. පෙන්නන දේ බලාගෙන ඉන්නවාට ව‍ඩා යමක් මේ චිත්‍රපටයේ දැකිය හැකියි. වැඩි විස්තර කියන්න තේරෙන්නෙ නෑ. මාත් තව පාරක් බලන්න ඕන. පෙන්නන දේට එහා දේවල් ගැන සිතමින් බලන්න කැමති අය ඉන්නව නම් බලන්න.

මෙන්න Trailer එක

2010-08-16

UNIVOTEC Interview දවස හෙටයි.


ජුලි 27 University of Vocational Technology එකේ Aptitude Test එක ලිවීමෙන් පස්සේ ඔන්න Interview එකට හෙට එන්න කියල 10 වෙනිදා ලියුමක් ඇවිත්. අරන් එන්න කියල තියෙන්නේ
NIC එකයි Diploma සහ වෙනත් සහතික වල Original සහතිකයි. Industrial/ Work experience පෙන්නන්න පුලුවන් සහාය ලිපි තමයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් ඒ විභාගයට මුහුණ දීපු 11 දෙනා අතරින් තිදෙනෙක්ට හැර අනෙක් අයට interview සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණා. මම හදාරන්න හිතාගෙන ඉන්නේ Bachelor of Technologyin ICT (Multimedia & Web Technology. Web Technology ගැන අත්දැකීම් තිබුණත් Multimedia ගැන නම් තියෙන්නේ සති 2ක පමණ අත්දැකීමක් විතරයි.

ඉතිං මේ දිනවල කරපු වැඩේ තමයි කරපු වැඩ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ලිපි එක්රැස් කිරීම සහ සහතික ලබාගැනීම. අද දිනයත් ගත උනේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 සදහා විභාගයට මුහුණ දුන් බවට සහතිකය ලබාගැනීම සහ එහි වෙබ් අඩවිය සකස් කල බවට සහතිකයක් ලබාගැනීමයි. උදේ වරුව තුල ඒ කටයුතු කරගැනීමට හැකියාව ලැබුණා. ඊළගට ayurvedakurlaub.de අඩවිය තැනීම සම්බන්ධව සහතිකයක් ලබාගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බැලීමට Lawrence Hill Paradise ‍Hotel වෙත ගියා. එහිදී සිතුවාටත් වඩා හොද recommendation එකක් ලබාගත හැකි උනා.

ඊට අමතරව ඉතිං ජනවාරි 1 වෙනිදා සිට වැඩකරපු ස්ථානයේ සේවා සහතිකයත් සතුව තිබෙන බැවින් Interview එක සඳහා ඒ ඇති වේ යැයි සිතමි. ඉතිං හෙට තමයි ඒ තීරණාත්මක දවස. හෙට සිද්ධ වෙන දේවල් අනුව ඒක තීරණය වෙයි. හැබයි නොතේරුණත් හිතට දුකක් නෑ. ඒත් දැනට බලාපොරොත්තුවක් විතරක් හිතේ තියෙනවා.

ඒ අතරතුර තවත් Offer එකක් ආව. ඒක ගැන පස්සෙ ලියන්න ඕන.

2010-08-13

ජාලය මගින් පරිගණක පණගැන්වීම (WOL)

පරිගණක ජාලයක් තුලදී මධ්‍යගත පාලනයක් තිබෙන බව ජාලකරණය හදාරන අය නම් දන්නා කරුණක්. මධ්‍යගත පාලනයක් කිවුවම එක පරිගණකයක ඉදගෙන සියළු පරිගණක පාලනය කල හැකියාව පවතින්න ඕන. පරිගණක ජාලවල පාලකවරු (Administrators) දුරස්ථ පරිගණකවල තිරය තම පරිගණකයට ගෙන(Remote Desktop) මෙහෙයවනු සමහරවිට ඔබ දැක ඇති. කලින් ලිපියකදී මා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කරන ආකාරය ලියා තැබුවා. නමුත් මේ හැම දේම කරන්න පරිගණකය පණගන්වා තිබිය යුතු වෙනවා. පරිගණක දුරස්ථව පණගැන්විමට හැකිනම් සියලු පාලනය ඔබ අතට ගත හැකියි. ඔව් එය කල හැකියි. ඇත්තට සුළු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ ජාලයේ ඇති පරිගණක එක් ස්ථානයක සිට පණගැන්වීමට පුලුවන්*. මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ Wake on Lan (WOL) යනුවෙනි.

*කොන්දේසි සහිතයි.

  • පළමුවෙන්ම මේ සඳහා ඔබේ දුරස්ථ පරිගණක වල ජාලක අතුරුමුහුණත් (Network Interface Card) ඒ සදහා සහය දැක්විය යුතුය. BIOS වෙත පිවිස එය සක්‍රිය කරගන්න. එහි නැති නම් මවුපුවරු අත්පොතෙහි පෙරනි‍මියෙන්ම එය සක්‍රියදැයි බලන්න.



  • දැන් දුරස්ථ පරිගණකයේ NIC හි MAC ලිපිනය සොයාගන්න.
    ipconfig /all යන්න command prompt එකෙහි ලබාදීමෙන් පහත පරිදි තොරතුරු ලබාගත හැක.
    Ethernet adapter Local Area Connection:

    Connection-specific DNS Suffix . :
    Description . . . . . . . . . . . : Intel(R) PRO/100 VE Network Connecti
    on
    Physical Address. . . . . . . . . : 00-19-D1-EC-DC-21
    Dhcp Enabled. . . . . . . . . . . : No
    IP Address. . . . . . . . . . . . : 192.168.2.5
    Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
    Default Gateway . . . . . . . . . : 192.168.2.1
    DNS Servers . . . . . . . . . . . : 192.168.2.1
    8.8.8.8

    මෙහි Physical Address ඉදිරියෙන් ඇති ලිපිනය සටහන් කරගන්න.


  • Local Area Connection හි Configure කවුලුවේ Advance යටතේ ඇති Wake on Link->Enableසහ Wake on Settings->Wake on Magic Packet යන්න ඇත්දැයි බලන්න.


  • දැන් මැජික් පැකට්ටුව යැවීමට සූදානම් කරගන්නා ආකාරය බලමු.

  • දුරස්ථ පරිගණක පණගැන්වීම කරන පරිගණකය වෙත ‍පැමිණ WOL ගොනුව බාගත කරගන්න. එය විහිදූ පසු bin බහලුම තුල ඇති ගොණු දෙක System32 බහලුමට පිටපත් කරගන්න.


  • දැන් Command prompt එක විවෘත කර එහි පහත සදහන් පරිදි දැනට වසා ඇති පණගැන්වීමට අවශ්‍ය ඔබේ දුරස්ථ පරිගණකය පණගැන්වීමට පහත විධානය ලබා දෙන්න.
    wol 00:19:D1:EC:DC:21
    මෙහි 00:19:D1:EC:DC:21 යනු ඔබගේ දුරස්ථ පරිගණකයේ MAC ලිපිනය වේ. පෙරදී - සමග සටහන් කරගත් ලිපිනයෙහි - ඉවත් කර ඒ වෙනුවට : යොදා wol සමහ විධාන කරන්න. Enter යතුර එබූ සැනින් දුරස්ථ පරිගණකය ‍වෙත wol මගින් මැජික් පැකට්ටුව යවා එය පණ ගැන්වන ආකාරය දැකිය හැකිය.



දැන් දුරස්ථ පරිගණකය පණ ගැන්වී අවසන්. ඉතිං දැන් ජාලයේ ඕන තැනක ඉදන් ඕන රෙද්දක් කරන්න බැරියැ.

සැ/යු: මවිසින් මෙය මේ අවස්ථාවේම Windows XP මත සිට Windows 7 පරිගණකයක් පණගන්වා ප්‍රායෝගිකව අත්හදා බලා 100%ක් සාර්ථක වූ පසුව ලියා තැබූවක් බව සලකන්න.

2010-08-07

අපූරු මාසයක්

ඇත්තටම මේ මාසෙ නම් මට හරිම අපුරු මාසයක් කියල කියන්න පුලුවන්. මට රස්සාවෙන් අස්වෙන්න උනු සිද්දිය කලින් පෝස්ට් එකේ ලිවුවනේ. ඉතිං ආයෙම ගන්ධබ්බ කාලයක් ආව කියමුකෝ. රස්සාවක් නැතිව ගෙදරට වෙලා ඉන්න උනු. ඔන්න හදිසියෙම වැඩ කිහිපයක් සෙට් වෙනවා නොහිතපු විදියට.
1. 65000 ක විතර Network එකක් ගහන්න
2. අවුරුද්දක් තිස්සේ www.ayurvedakurlaub.de website එක maintain කරන්න වියදම ලබාගන්න.
3. ඒ website එකේම ඉතිරි කොටස් සම්පූර්ණ කරන්න.

4. BCS certificate level විභාගේ ප්‍රතිඵල ගෙදරටම ඒම. Ceremony එකටත් ඕං එන්න කියල තියේ.
5. BCS Diploma Level Examination එකට මුදල් ගෙවීම.

නෙට්වර්ක් එකනම් ටිප්ටොප් එකට දවසක් ඇතුලත අයියයි මමයි කොහොම හරි සම්පූර්ණ කලා. 12000 කේබල් box එකක්ම ඉවර උනා. වෙබ් සයිට් එක නං ඉතිං තනියෙං කරන එකනේ.
කොහොම හරි මේ මාසෙ තමයි මගේ වාර්තාගත වැඩිම ආදායමක් ලබපු මාසෙ උනේ. ඒ වගේම ඒකම වැඩිම වියදම් කරපු මාසෙ උනා. ඒ හම්බුකොරපු සේරම Examination එකට බඳින්න උනු නිසා. ඒ වගේ හැම මාසෙම වැඩක් සෙට් වෙනවනං. මාසෙකට එකක් තිබුණ නම් ඇති. Exam හැමදාම එන්නෑනේ.

තව computer ටිකක් පෝලිමේ තියෙනවා repair ආපු. ඒ ටිකවත් හදලදාල laptop එක හදාගන්න බලන්න ඕන.

ආ තව Software Freedom Day එකත් ළඟ එනවා. ගියපාර කරපු දේ ගැන මෙන්න මේකෙ ටිකක් ලිවුවා. මේපාරත් බලමුකෝ අපේ අය කොහොම SFD එක සමරයිද කියලා.

2010-07-13

Windows සඳහා Bluetooth Drivers


Linux වලදී Bluetooth Dongle එකක් සම්බන්ධ කල සැනින් එය හඳුනා ගන්නා බැවින් එසැනින්ම ගොනු හුවමාරුව සිදු කිරීමට සූදානම් වුවත් Windows වලදී එය හඳුන්වා දිය යුතු වෙනවා.
BlueSoleil මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් Drivers ලබාගත්තද එහිදී මෘදුකාංගයද ස්ථාපනය වේ. නමුත් Drivers පමණක් ස්ථාපනය කිරීම මගින් PC Suite සඳහා සහය දැක්වීම මෙන්ම එවන් තුන්වන පාර්ශව මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් තොරව Windows මගින්ම පරිගණකය වෙත ගොනු ගෙන්වා ගැනීම හෝ පහසුවෙන්ම ගොනු වෙනත් උපකරණයක් වෙත යැවීම සිදුකල හැකියි.

Windows XP SP3 සඳහා නම් පැන නගින කවුලුවෙන් අන්තර්ජාලයෙන් ස්වයංක්‍රීයව සොයාගන්නා ලෙස සලකුණු කල විට එය ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.
නමුත් Windows XP SP2 සඳහා එලෙස අන්තර්ජාලයෙන් සොයාගැනීමට අසමර්ථවෙයි. එයට පොඩි පිලියමක් යොදාගත හැක.
මුලින්ම Dongle එක පරිගණකයට සම්බන්ධ කර BlueToothInstaller.com අඩවියෙන් BluetoothDriverInstaller.exe ගොනුව ලබාගෙන එය ධාවනය කරන්න. Dongle එක නිවැරදිව හදුනා ගැනීමෙන් පසුව එයට අදාල Drivers ස්ථාපනය වනු ඇති.

දැන් Task Bar එකේ සහ Control Panel තුල BlueTooth අයිකනය දක්නට ලැබෙනු ඇත.


පරිගණකයේ ඇති ගොනුවක් වෙනත් උපකරණයකට යැවීමට ලිනක්ස් තුලදී මෙන්ම ගොනුව මත right click කර send to මගින් Bluetooth Device තෝරා අදාල උපකරණය සොයා දීමෙන් එම උපකරණයට ගොනු යැවිය හැකි වනු ඇත.

ගොනු පරිගණකය තුලට ලබා ගැනීමටද ලිනක්ස් වලදී මෙන්ම task bar අයිකනය click කර Receive File යන්න තෝරා පරිගණකයට ගොනුව එවන්න.

*උපකරණය Browse කරන්න නම් PC Suite/MobiMb වැනි මෘදුකාංගයක් අවශය වේ.

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

බ්ලොග් විරාමය අවසන්. ඒ විරාමය අතර තුරදී...

මැයි 28 වෙනිදායින් පස්සේ සටහනක් එක් කරන්න බැරි උනා. තව මාසයක් ගියොත් වෙන්නේ මෙන්න මේ පහල එක වගේ මගේ එකත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමෙන් අයින් වෙන එකයි. (මේ අයින් වෙලා තියෙන්නේ කාගේ බ්ලොග් එකද කියල දන්නෝ දනිති :D )



ඒකට කලින් ඔන්න සටහනක් තිබ්බා. පෝස්ට් එකක් තියන්න බැරි උනු හේතු ගොඩාක් තිබුණා. ප්‍රධානම ටික කෙටියෙන් කියනවනම්.
1. Multimedia Workshop එකට සහභාගී වීම.
2. UNIVOTEC එකේ Aptitude test එකට මුහුණ දීම.
සහ ලොකූම හේතුව
3. Laptop යන්තරය අක්‍රිය වීම.
3. ගාල්ල තාක්ෂණික විද්‍යාලයේ පූර්ණ කාලීන දෑ අවුරුදු National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීම.
4. විභාගයට මුහුණ දීමට රැකියාවෙන් ඉවත් වීම

කාරණා සිද්ධ උණු පිලිවෙල තමයි ඔය. මෙහෙමයි කතන්දරේ සිද්දඋනේ.

ජුලි 1 වෙනිදා පැවැත්වූ NVQ මට්ටම් 5 සහ 6 විශාගයට පෙර ජුනි 14 සිට ජුනි 24 වෙනි දින දක්වා Multimedia මොඩියුලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට UNIVOTEC හි Audio/Video Lab එක තුලදී වැඩමුළුවක් පැවැත්වෙන බව කලින් දැනුම් දුන් බැවින් නිවාඩු ලබාගැනීමට රැකියාව කරන ස්ථානයට පෙර දැනුම් දුන්නා.
වැඩමුලුවේ සති 2ක කාලයට අධ්‍යාපන නිවාඩු ලබාගත හැකි වූ නිසා 14 වෙනි දින සිට UNIVOTEC තුලවූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී එම වැඩමුලුවට සහභාගී උනා. 14 වෙනි දින වන විට තනි නොතනියට ළගින්ම සිටි Laptop යන්තරය අක්‍රිය වීම මහත් පාඩුවක් උනා.(තවම හදාගත්තෙ නෑ) කෙසේ හෝ 14 වෙනි දින උදෑසන 8.30 වන විට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටීමට මට හැකි උනා. ඉතින් ඒ සති 2 තුලදී සම්පූර්ණයෙන්ම Multimedia ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැකි උනා. එහිදී ඉගෙන ගත් සියලු කටයුතු මුල සිට අග දක්වාම සාරාංශයක් ලෙස ගත් විට,

1.Introduction to Multimedia Industry
2. Multimedia Basics
3. Instructional Desing
4. Audio Video File Formats
5. Shot definitions
6. Camera Movement Techniques
7. Basic Lightning Techniques
8. Scripting and Story Boards
9. Cost Estimation and preparation of project proposal for Multimedia products
10. Editing Techniques
11. Audio Editing Techniques
12. Introduction to Linear Editing
13. Single Camera Production
14 Introduction to Non-Linear Editing
15 Equipment Safety
16 Production and post-production activities
17. Develop the multimedia production


Facebook ඇල්බම් එකේ පින්තූර ටිකක් විතරක් දාල ඇති. බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔය අකුරු නිල්පාටින් තියෙන තැනට කොටල බලන්නකෝ. කොහොම නමුත් ඒ සති දෙකක කාලය අපේ කට්ටියට නම් ජීවිතේටම අමතක නොවෙන එකක් වෙයි.

24 වෙනි දින සවස ‍නිවෙස් බලා ආවත් නැවතත් 27‍වෙනි ඉරුදින විශ්වවිද්‍යාලය කරා අපේ පාඨමාලාව හැදෑරූ සියළු ළමුන් පැමිණ සිටියේ Aptitude test එකට මුහුණ දීමටයි. එහිදී බුද්ධිය ගණිතය සහ ඉංග්‍රිසි දැනුම පරීක්ෂා කෙරුණා.

මුලින් සති 2 කාලය අවසර ලැබුණ නමුත් විභාගය එදින සිට දින 8ක් දක්වා පැවැත්වෙන බැවින් නැවත රැකියා ස්ථානයට දැනුම් දුන්නා. වැඩමුලුවට සහභාගී වී නැවත රැකියා ස්ථානයට ගොස් අස්වීමේ ලිපිය අත්සන් කර නැවත විභාගයට මුහුණ දීමට අවසානයේ සිදුවුනා.



ජුලි 1 වෙනිදා සිට NVQ මට්ටම් 5&6 National Diploma in Information & Communication සඳහා වූ විභාගය පවත්වනු ලැබුවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව හෙවත් DTET(Department of Technical Education and Training) මගිනි. එහිදී අපට ප්‍රශ්න පත්‍ර 12කට දිනකට 2ක් බැගින් පිලිතුරු සැපයීමට සිදුඋනා.
1.Database Systems
2.System Analysis & Design and Software Testing
3.Software Programming
4.Software Programming (Practical)
5.Graphic Design (Practical)
6.Graphic Design
7.Data Communication and Network
8.Multimedia Applications (Practical)
9.Web Design and Development
10.Web Design and Development (Practical)
11.Mathematics
12.English

විභාගය අතරතුර එනම් ජුලි 3 වෙනි සෙනසුරාදා Future Minds 2010 බැලීමට ගියා. එහිදී 2S කුටියේ තිබූ පුළුල් තිර 3DTV අත්දෑකීමත් සුවිශේෂයි. එහි තාක්ෂණය දැන සිටියත් ඒ වනතුරු අත්විද නොතිබූ බැවින් එය විශේෂයක් උනා. තිරයක් තුලින් ගැඹුර දැකිම වචනයෙන් නම් විස්තර කල නොහැකියි.

කෙසේ හෝ විභාගයට මුහුණ දී අවසන් දැන් විභාග ප්‍රතිඵල එනතුරු NVQ 5 & 6 සඳහා අවශ්‍ය Evidence රැස් කරමින් සිටිමි.

2010-05-28

මෙවර මගේ පරිගණක වෙසක් සැරසිල්ල

මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න‍. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා කල රිලේ වෙනුවට ට්‍රැයැක් භාවිතා කිරීමයි. (සද්ද නැතිව වැඩ ගැනීමට).

ගියවර ලියාගත්තු පරිගණක වැඩසටහනම මෙවරත් භාවිතා කිරීමට හැකි වුනා. එබැවින් වැඩ ටිකක් ලේසි වූ නිසා එක් වෙසක් කූඩුවක් වර්ණ දෙක බැගින් ආලෝකමත් කරන්නත් හැකියාව ලැබුණා.


ඒ ඉතිං පිටින් එන අයට පෙනෙන ඉදිරිපස පෙනුමනේ.. තිරය පිටුපස පිටින් එන අයට පේන්නෙ නැහැ නෙව. මේ තියෙන්නේ පරිගණකයෙන් එන සංඥා වලින් 230v බල්බ හසුරුවන පරිපථය.


ගියවර භාවිතා කරපු එකමයි. හැබයි රිලේ නැති නිසා සද්ද නැතිව වැඩ. මං 6කින් යුතු 5w බල්බ 38ක් හසුරුවන්නේ පුංචි ට්‍රැයැක් උපකරණ 6කින් තමයි.

සරලව ක්‍රියාකාරීත්වය කිවුවොත් පරිගණකයේ සමාන්තරගත තොටුපලින් එන සංඥා ට්‍රාන්සිස්ටර් මගින් වර්ධනය කර LED දර්ශක(DC) වෙත හා ඉන් අනතුරුව තවත් දර්ශක පෙලකින් පසුව ට්‍රයැක් උපකරණය වෙත ලබා දෙනවා. ට්‍රැයැක් උපරණ වෙත අමුණා ඇති බල්බ වැල පරිගණකයේ සිට එන සංඥා වලට අදාලව පාලනය වෙනවා. ඊට අමතරව එතන පසු ආරක්ෂණ ක්‍රියාමාරිගයකුත් තියෙනවා. (නැත්තං මව්පුවරුවට සොරි තමා)

එකම වෙසක් කූඩුව වර්ණ දෙකකින් දැල්වීමට යොදාගත් උපක්‍රමය තමයි මේ. බල්බ දෙකක් යොදා වෙන වෙනම දැල්විමට සැලැස්වීම තමයි කලේ.



ඔය ඔක්කොම එකතු කරල දවසම මහන්සි වෙලා කරපු දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

To be a Programmer - පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න නම්...


පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියල හිතනවද? දැන් ඕන තරම් පන්ති පවත්වන තැන් තියෙනව. ඒත් මූලික අඩිතාලම හරියට නොවැටුනොත් ක්‍රමලේඛනය එපාම වෙන්නත් හේතුවක් වෙයි. නිවැරදිව මූලික දේවල් ඉගෙන ගැනීම එයට ආසාවෙන් ගොඩාක් දුරගමනකට මුල පිරීමක් වෙනවා. මේ උත්සහය මූලික දේවල් පිළිබද සරලව ලියා තබන්නයි.

මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රමලේඛනයක් (දන්න සිංහලෙන් කියනව නම් Program එකක්) කියන්නේ මොකක්ද කියලා.


ඕනම දේකට පිලිවෙලක් තියෙනවා. පරිගණකය කියන්නේ හිතල වැඩ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතිං අපට මොනව හරි පරිගණකයෙන් කරගන්න ඕන නම් ඒකට නිවැරදිව උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් දෙන්නෙ විධාන පිලිවෙලින් ගලපල ලියල. එහෙම ලියල තියෙන ඒවට තමයි ක්‍රමලේඛන කියන්නේ.

එහෙම බැලුවම ක්‍රමලේඛනයක් කියන්නේ යම් කිසි කාර්යයක් ක්‍රියාත්මක විය යුතු උපදෙස් අනුපිළිවෙල කියල කියන්න පුලුවන්.

මෙන්න විකිපීඩියාවේ computer program ලිපියේ මුල්ම පෙල.
A computer program (also a software program, or just a program) is a sequence of instructions written to perform a specified task for a computer

ඉතිං මේ උපදෙස් වලින් කරන්නේ විධාන කරන එකනේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයෙත් අපි විධාන දෙන්න මේවා ලියනවනේ. මොකක් හරි කරන්න ඕන පිලිවෙලක් ලිවුවනම් ඒක program එකක් විදියට සලකන්න පුලුවන්

ඉතිං ක්‍රමලේඛනයට කැමති අය මූල්ම ක්‍රමලේඛනය විදියට ලියන්න පුලුවන් කෙනෙක් ලියන්නකෝ සාර්ථක‍ව කිරි තේ එකක් හදන පිලිවෙල.. හොදට කල්පනා කරල ලියන්න..

බලමු කාටද සීනි අඩු වැඩි නොවී රසට කිරි තේ එක බොන්න පුලුවන් වෙන්න ලියන්න පුලුවන් කාටද කියල..

____________
ප.ලි.
කිරි තේ හදන්න කිවුවට ජාව ගැන නම් නෙවෙයි ලියන්න හදන්නේ..

2010-05-27

GMail Chat එකේදී අකුරු ඇල කිරීම සහ තද පැහැ කිරීම

GMail එකෙන් chat කරද්දී වචන විශේෂ කරල දක්වන්න උනොත් මොකද කරන්නේ. Bold කරන්න හරි Itaic තිබුණනම් හොදයි කියල හිතෙනව ඇති.

මෙන්න මෙහෙමයි කරන්නේ. italic කරන්න ඕන වචනෙට හෝ වාක්‍යයට කලින් _ එක දීල වචනය හෝ වාක්‍යය අවසන් උනාම නැවත _ එක දෙන්න.

Bold කරන්න ඕන නම් පටන් ගන්න * ‍කින්. අවසන් කරන්නත් * ක් පාවිච්චි කරන්න

එච්චරයි..

2010-05-21

ටැබූ නිසා සටහන් පිටුවේ නව තාක්ෂණික ලිපි නොලිවීම

මගෙන් තාක්ෂණික ලිපි ලිවීම මගඇරිල ගිහින් කියල හිතෙනවද? එහෙම හිතෙනව නම් උත්තරය ඔව් කියලා කියන්නත් පුලුවන්. පසුගිය පෙබරවාරි මාසයේ උනු සිද්දියෙන් මවිසින් ආසාවෙන් ලියාගෙන ආපු තාක්ෂණික ලිපි ලිවීම මග ඇරී ඇති බැවි දැකිය හැකියි. ලිපි ලැයිස්තුව පෙන්නුම් කරන කරුණක් වන්නේ පෙබරවාරි වලින් පසු එවැනි ලිපියක් හරියකට ලියා නැති බවයි. ඇත්තටම කිවුවොත් ඒ පිළිබඳව තිබු ආසාව නැති උනා කියන්න පුලුවන්. ඒක නිසා තමයි වෙන අනං මනං ලියවෙන්නේ.

මේකෙ ලියවුණු තාක්ෂණික ලිපි ගොඩාක් දුරට මගේ අත්දැකීම් වලින් ලබා ගත් දැනුම එකතු කරල ලියපු ඒවා. ඒ ලිපි ලියල තිබ්බේ ‍කමෙන්ට් බලාගෙන නෙවෙයි. මටම වතු දිනයක ඒවා ඕන වෙන්න පුලුවන් නිසා.

ඒත් පසුගිය පෙබරවාරි මාසයේ දේශපාලන බ්ලොග් ලිපි වෙනම පිටුවකට ගෙනයාම නිසා ඇතිවූ තත්වය ගැන සමූහය තුල උණුසුම් සංවාද පවා ගිය අතර ඇතැමුන් ඒ සම්බන්ධයෙන් ලිපි පවා තමන්ගේ බ්ලොග් වල පල කර තිබුණා.

‍නමුත් මා එවැනි දෑ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා සිටියෙමි. ඒ මා දේශපාලනික බ්ලොග් කරුවකු නොවූ බැවින් විය හැක. නමුදු පසෙක සිටි මවිසින් ලියූ ලිපියක්ම හුවාදැක්වමින් අදහස් ගෙන හැර පෑම එම කලකිරීමට හේතුව වන්නට ඇත.

මෙන්න එම taboosubject වෙතින් -ගෝරා- බ්ලොගයේ හි වැටුණු කමෙන්ටුව.

එම කමෙන්ටුවම Udeshika Dayarathna හෙවත් Local Taboo සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයට එවා තිබුණි.

මේ දෙකම සලකා බැලූවිට එක්කෝ මෙම taboosubjects, Udeshika Dayarathna හා local taboo යන පුද්ගලයින් තිදෙනාම එකකු විය හැකි යයිද මට සිතේ.

එයින් කියවෙන පරිදි මාගේ එම ලිපියට පාඨකයින් පොරකකා රැස්වෙන බව කියා ඇත්තේ තාක්ෂණික ලිපි උපහාස‍යට ලක්කිරීමට විය යුතුය. මන්ද එහි ති‍බෙනුයේ එකම එක පාඨක ප්‍රතිචාරයක් පමණකි. අනික මවිසින් එයට බැඳි පිලිතුරය.

මෙහිදී මා කමෙන්ටු බලාගෙන ලිපි ලියන්නකු නම් ‍මුලින්ම ෆෙඩෝරා වැනි මාතෘකාවක් ගැන නොලියා සිටිය යුතුය. මන්ද ලංකාව යනු බහුතරය ලිනක්ස් පරිශීලකයින් නොවන නිසාත් ලාංකීය ලිනක්ස් පරිශිලකයින් සියල්ල භාවිතා කරනුයේ Fedora මෙහෙයුම් පද්ධතිය නොවන බැවිනුත්ය.

කෙසේ හෝ එම සිද්ධියෙන් පසු මෙම බ්ලොගයේ තාක්ෂණික ලිපි ලිවීම මග ඇරුණි. නමුදු මගේ අත්හදා බැලීම් නැවතී නැත. ඒවා තවදුරටත් සිදු වෙමින් පවතින අතර වෙනම ලේඛණගත කරගෙන යාම කරන්නට පටන් ගතිමි.
නමුදු ඒවා මෙහි පලකිරීමට මාහට සිත් නොදෙන බව කිව යුතුය. ඉදින් මගෙන් තාක්ෂණික ලිපි බලාපොරොත්තු වූවෙකු සිටීයේ නම් "ඔබගේ බලාපොරොත්තු කඩ වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිමි"

මේ ඇගේ ගාන සබන් ජාතියක්ද නැත්තම්..

සබන් කිවුවම එ‍ක එක ජාතියෙ සබන් තියෙනව නෙව. ඇගේ ගාන එව්වා, මූණෙ ගාන එව්වා, තව රෙදි හෝදන එව්වා. etc... ඉතිං ඕව වර්ග කරල තියෙන්නේ ඒ ඒ කාර්ය්‍යන් කරන්න විශේෂයෙන් හදපු ඒව නිසානේ. ඊට අමතරව දීප් නඟාගේ අර ලක්ස් එම්බෙඩෙඩ් ඉන් ටු කොහොඹ සබන් නිෂ්පාදයකුත් තිබුණනේ. මතක නැත්තං ඕං ලිංක් එක දැම්ම ගිහින් බලාගන්න‍කෝ. මේ කතාව ඊට වෙනස් වෙච්චි සබන් කෑල්ලක් ගැනයි.

අද අලුත් සබන් ජාතියක් ගෙදරට ගෙනල්ලා. ගෙදර කට්ටියට මේ මොන සබන්ද කියල බේරගන්න බැරිව තර්ක කරනවා ඇහුණා. ඕන් ඊළගට මගෙනුත් ඇවිත් අහනවා මේක ඇඟේ ගාන එකක්ද කියලා. ඉතිං බැලුව හොදට හරවල මෙන්න එක පැත්තක්
ඒකෙ තියෙනවා ඹෟෂධීය ඇඟ ගල්වන සබන් කියලා. ඊළඟට අනිත් පැත්ත පෙරලුවම ‍පේන විදිය තමයි මේ තියෙන්නේ

ඒ පැත්තෙන් බලපුවම මේක Toilet Soap. දැන් මේකෙ මොන පැත්තද හරි. නැත්තම් මේ දෙපැත්තෙම ගහල තියෙන ඒව සමානද? මට නම් කිසිම අදහසක් නැහැ මේක මොන වර්ගයට අයිති සබන් කැටයක්ද කියලා. පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ මොනව කරන්නද මේ සබන් ජාතිය හොද කියලා..

2010-05-19

facebook තහනම් වෙයි

පාකිස්තානු අධිකරණයක් මගින් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook අඩවිය තහනම් කිරීමට නියෝග නිකුත් කර ඇත.
වැඩි විස්තර සඳහා http://goo.gl/bucF වෙත පිවිසෙන්න.

2010-05-09

Nokia OVI එකේ ලියාපදිංචි වීම

මේ දවස්වල YFM එකේ නිතරම කියන දෙයක් තමයි මෙන්න මේක
All nokia users, log on to http://www.ovi.com and create your ovi account asap. Send in your contact details and phone model to avurudu@ovi.com, from your ovi mail (type "Y fm" in the subject line) and stand a chance to win a trip to paris and also mobile phones......

ඉතිං මාත් ගියා ඔය ovi.com එක මොකක්ද කියල බලන්න. මුල් පිටුවෙ තියෙනව විශේෂාංග ටිකත් එක්කල Register කියල බොත්තමක්. ඉතිං එබුවම Nokia Account එකක් හදන්න පිටුවක් විවෘත වෙනවා හැබයි ඔක්කොම සිංහලෙන් (යුනිකේත). හැබයි හරවපු කෙනාට වැරදිලද දන්නෑ ශ්‍රී ලංකාව තියෙන්නේ ශ්රී ලංකාව කියලා බොරුනම් එතනට ගිහිල්ලම බලාගන්නකෝ. ඉතිං විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකය දෙකම දීල ගිණුමක් හදාගත්ත කියමු.

Nokia ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු කියන මාතෘකාවෙන් ආවෙ නැතැයි මේල් එකක් මෙහෙම කියල

සාදරයෙන් පිළිගනිමු kpgtharaka,

ඔබ දැන් සිටිනුයේ Nokia ගිණුමෙන් ක්ලික් කිරීම් කිහිපයක් බැහැරිනි.

ඔබ විසින් කළ යුතුව ඇත්තේ අප සතුව ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය ඇති බවට තහවුරු කිරීම පමණි. එසේ කිරීමට කරුණාකර පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න නැතහොත් එය ඔබගේ බ්රව්සරයේ ලිපින වින්ඩෝව එක මතට කොපි ඇන්ඩ් පේස්ට් කරන්න:
https://account.nokia.com/acct/verifyEmail?id=xxxxxx&lang=si

ඔබ වැඩි දුරටත් Nokia සේවාවන් ගැන දැන ගැනීමට කැමති නම් කරුණාකර http://www.ovi.com වෙත යන්න. නොඑසේ නම්, ඔබ ඔබගේ Nokia ගිණුමේ විස්තර යාවත්කාල කිරීමට කැමති නම්, කරුණාකර https://account.nokia.com වෙත යන්න.

සම්බන්ධ වීම පිළිබඳව ස්තූතියි Nokia සේවා භාවිතා කිරීම ආස්වාදනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සුභ පැතුම්,
Nokia ගිණුම් කණ්ඩායම


ආ තව ආව කෙටි පණිවිඩයක් සිංහලෙන්ම.

ඔබ Nokia ගිණුමෙන් බැහැරව සිටිනුයේ ක්ලික් කිරීම් කිහිපයකිනි, කරුණාකර මෙම ලින්ක් එක විවෘත කරන්න: https://account.nokia.com/acct/v?id=xxxxxx&lang=si

වෙලාවට මං කලිං සිංහල ෆොන්ට් එකක්(ඉස්කෝලපොත) දාගෙන තිබ්බා පේන විදිය අවුල් ගියාට කොහොම හරි කියවගන්න පුලුවන්.

ඒකෙ තිබ්බ සබැඳිය ඔස්සේ ගිහිල්ල තහවුරු කරගත්තම ආපු පිටුව මේ.


ඉතිං අර කියල තිබුණ විදියට OVI මේල් එකෙන් අවුරුදු එකට මේල් එකක් යැව්වා. බලමු මොකද වෙන්නෙ කියලා

2010-05-06

මෙන්න පහුගිය දවස් වල ‍Online සාජ්ජෙට සිංදු කියපු අය

කට්ටියට සාජ්ජේ කියල එකක් මතකද දන්නෙත් නෑ.මතක නැත්තං පටන් ගත්තු හැටි බලන්නකෝ. ඉතිං කට්ටියගෙ කාර්යබහුල වීම නිසා වෙන්න ඇති සෙනසුරාද දවස්වල තියපු සාජ්ජෙට වෙලාවක් හොයාගන්න බැරි උනේ. ඒ දවස්වල පැල් ‍බැදගෙන සාජ්ජෙට සිංදු කියපු හැටි මතක ඇතිනේ. නොදන්න අයට දැනගන්නත් එක්කල මේ සටහන ලියන්න හිතු‍නා. මේ පහුගිය සතිය තුල වැඩියෙංම සිංදු කියපු අය

anushkalakmal
budhajeewa
CrazyAnsh
danishkanavin
gayantha
malinthe
maduonline
naveenmadhawa
Nishacharaya
thameera
tharinduRM
udaraumd
virajsrc
zrimax

කරන්නෙ කොහොමද කියල වැඩිය කියන්න‍ දෙයක් නෑ සිංදු අතරතුර Hint පාස් කරන්න පිළිතුරු ගී ලියන්න කට්ටිය මේ වැඩේ කරනවා මේං මේකට ගිහිං බැලුවනම් තේරෙයි. වැඩි දෙයක් කරන්න ඕන නෑ. twitter ගිනුමක් හදාගන්න. යාලුවො කරන දේවල් දැනගන්න ගමන් මතක්වෙන සිංදුවක් දෙකක් කියන්න. පටංගත්තු දවස්වල තිබ්බ හැටි තමයි නියම. කට්ටිය මොකද කියන්නේ ආයෙම වැඩේ පටා..න් ගන්නවද?

2010-05-05

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2010-04-20

පරිවර්තන මැරතන් තරගයට ලේස්තිද

අවුරුද්දත් පහු වෙච්චි. අවුරුද්දත් එක්කලම ඉතිං පහුගිය දවස් ටිකේම අවුරුදු උත්සව තිබුණනේ. අන්තර්ජාලයේ ඉන්න යාලුවෝ එක්ක අවුරුද්දට මැරතන් දුවන්න ලේස්ති වෙනවා. ඉතිං මැරතන් දුවන එකෙන් තවත් සේවාවක් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඉතිං ඔන්න සම්පූර්ණ විස්තරේ පල්ලෙහායින් තියෙනවා! සිංහලෙනුයි ඉංගිරිසියෙනුයි. දුවන කට්ටිය දුවන්න ලේස්ති වෙන්න. වතුර ගහන අය වතුර ලේස්ති කරගන්න. එහෙනං කට්ටියම මැරතන් පිටියෙදි හමුවෙමු.

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්



ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.



මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
(දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්ථාවකි.


OpenOffice.org Translation Marathon 2010 April

An event, a marathon is scheduled to be held for 27 hours starting on 27th April 2010 at 9pm. The event will bbe held online and the objective is to translate OpenOffice.org help files into Sinhala. We have almost finished translating the user interface of OO.org.



So this is an open invitation for you all. If you love OO.org, willing to contirbute and meet all the pre-requisites, this opportunity is for you. Spend few hours and be proud for years.

Pre-requisites
  • Sinhala unicode installed Linux/Windows system (how to install)
  • Ability to type Sinhala in Sinhala unicode (no need to be fluent, all that is needed is the ability)
How to contribute
  • Subscribe to openoffice-lk mailing list
  • Drop a mail with the subject "Translation Marathon 2010 April", say that your willing to contribute.
What you have got to do at the event
  • Type simple Sinhala terms for the English terms provided.
  • You should only use Sinhala unicode.
Your not alone
  • There will be a lot for sure.
  • You can ask others for unknown terms.
  • You can get to know each other.
  • You will have fun.
As this event is going to be held you 27 hours you can contribute at any time for any long. We hope to get a considerable percentage of the OO.org Help files translated to Sinhala in this event.

Make use of this significant opportunity you have, contribute to the community project, spend few hours at the event and be your self proud for the life time.

2010-04-09

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..



[F3] - පිටුව තුල වචන සෙවුමට.

[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.

[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍ ‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට’

[F6] or [Alt + D] or [Ctrl + L] – වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] - විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] - භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] - භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] - ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] - වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] - විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] - වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] - වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

---
ප.ලි.
මෙම ලිපිය cPlus සඟරාවේ මංගල කලාපය සඳහා මා විසින් සකස් කරන ලද්දකි.

කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.

2010-04-06

ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටි

ජීවිතේ හැමදාම අපිට අලුතින් යමක් ඉගෙන ගන්න පුලුවන්. ඒ‍ වගේම සමහර සිහින බිඳ වැටෙන කොට සමහර සිහින ඉටු වෙනවා. මගෙත් පුංචි කාලෙ ඉදල හද පතුලේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කවද හරි ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ඉගෙනගන්න. ඒ ආසාව නිසාම තමයි පුංචිකාලේ ‍පුංචිම පුංචි ට්‍රාන්ස්මීටරයක් හදල ට්‍රාන්ස්මිෂන් එකක් කලේ. ඒ පුංචි ට්‍රාන්ස්මිෂන් එක ගැන පස්සේ දවසක කියන්නම් :D. මේ හීනෙන් වත් නොහිතපු ඇත්තටම කරපු ගුවන් විදුලි විකාශනයක් ගැන තමයි කියන්න හදන්නේ.

බටපොල නවෝද්‍යා පාසලේ හරිත උදානය 2010 ප්‍රදර්ශනය සහ සැනකෙළිය නිමිත්තෙන් මාතර මාධ්‍ය නිවස මගින් සුසර ප්‍රජා ගුවන් විදුලිය පාසලේ සිට විකාශය කරන්න කටයුතු කලා. Batapola.net වෙබ් අඩවිය හරහා විකාශනය කලෙත් මේ FM 96.1 ඔස්සේ ප්‍රචාරය කරපු සුසර ප්‍රජා ගුවන් විදුලියම තමයි. ඉතිං විකාශන කටයුතු කරන්න මැදිරියක් තියෙන්න ඕනනේ. බ‍ටපොල නවෝද්‍යා විදුහලේ පුස්තකාලය තියෙන ගොඩනැගිල්ල තමයි මැදිරයට යොදා ගත්තේ.
මේ පහලින් තියෙන්නේ නිවේදන කටයුතු කල ස්ථානය. සජීවී වැඩසටහනක් කරගෙන යන අතරතුර තමයි ඕකත් ගත්තේ.


සජීවී වැඩසටහනක් මෙහෙයවන අතරතුර නිවේදන මැදිරිය


මේ අතර ගුවන් විදුලි විකාශනය කිරීමට පාසලින්ම ළමුන් කිහිප ‍දෙනෙක් තෝරා‍ගෙන ඔවුන්ට මනා පුහුණුවක් ‍ලබා දී සහතිකපත්ද ප්‍රධානය කලා.ඉන් පසුව ඒ ළමයින්ට තනියෙම වැඩසටහන් මෙහෙයවන්න අවස්ථාවත් ලැබුණා. ඇත්තෙන්ම ඒ ළමයි විතරක් වැඩසටහන් මෙහෙයවපු ආකාරය ගැන අපට ඇස්පනාපිටම සාක්ෂි හම්බුනා. එක් අවස්ථාවක මැදිරිය නරඹන්න ආපු කෙනෙක් වැඩසටහන කරපු ළමය දිහා බලල ඇහුවා ඔය ලමයද දැන් මෙච්චර වෙලා කතා කලේ කියලා. එයා හිතල ති‍බුනේ කටහඬ අනුව හොද හැඩිදැඩි පුද්ගලයෙක් වැඩසටහන මෙහෙයවනව ඇති කියලලු. :D

නිවේදන කටයුතු කරපු ළමයෙක්


ඉතිං මුල් දවස්ටිකේ මට රැකියාව නිසා එම ස්ථානයට යාමට අපහසු වූ නිසා අවසන් දවස් දෙකේ තමයි මටත් මැදිරිය බලන්න යන්න අවස්ථාව හම්බුනේ. ඒ වගේම අපේ ගෙදර තමයි මේ මාධ්‍ය නි‍වසින් ආපු අය නවාතැන් ගත්තේ. දවල් කාලයේ ගෙදර හිටපු නැති නිසාත් ගෙදර යනකොට රෑ වෙන නිසාත් උදේම ආපහු වැඩට එන නිසාත් මේ අය මං දැක්කෙත් අන්තිම දවස් දෙකේ කිවුවොත් හරි.
හොදම වැඩේ කියන්නේ ආපු අයගෙන් දෙන්නෙක් මං ගැන දන්නවා. :D මං ජීවිතේට දැකලවත් නෑ. ගෙදර අයටත් පුදුමයි. වෙලා තියෙන්නේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව කරන චමින්දයි කපිලයි දෙන්නම මගේ බ්ලොග් එක කියවල තියෙනව. මාත් ඒක කියවපු විත්තිය මතක තිබුණා. ඒ දවස් වල ඉන්ටනෙට් තිබුනෙත් නෑනේ. හේතුව කලිං පෝස්ට් එකේ ඇති. Audacity පෙන්නන්න ගිහින් බ්‍රවුසරේ ඕපන් උනා. ලොඩ් උනේ මගේ බ්ලොග් එක.
දැන් නෙට් නැතිව බ්ලොග් එක ලෝඩ් උනේ කොහොමද අහන්න එපා. Firefox කෑෂ් එකෙන් තමයි බ්ලොග් එක පෙනුනේ. එතනදි තමයි කට්ටිය අඳුනගත්තේ.

ඔයාල අහල ඇතිනේද ප්‍රධාන පාලක මැදිරියක් ගැන, ඔය නිවේදක නිවේදිකාවො හැම නිතරෝම කියන්නේ අන්න ඒක තමයි. ප්‍රධාන පාලක මැදිරියක් කියන්නේ අර නිවේදක මැදිරියේ සහ සිංදු, වැඩසටහන් තීම්, (ජිංගල්) :D ධාවනය කරමින් පාලනය කරන්න පුලුවන් මැදිරියට. මේ පහල එකේ තියෙන්නේ සුසර ප්‍රජා ගුවන් විදුලියේ පාලක මැදිරිය ලෙස තිබුණු ස්ථානය. එහා පැත්තෙන් නිවේදන මැදිරියෙ ලෙස භාවිතා කළ ස්ථානයත් පේන්න තිබුනට ඇත්තටම ගුවන්විදුලි විකාශනාගාරයක මේවට වෙන වෙනම කාමර තියෙනවා. මෙතනදී පොඩි ඉඩක ඔක්කොම තිබුනේ. ආපු අයට පැහැදිලි කරන්නත් ලේසි වෙන්න.


ඔය මෙහා කොනේ ඉදල එහා කොනටම තියෙන සේරම දේවල් පිලිවෙලින් කිවුවොත් පළවෙනියට තියෙන ලැප්ටොප් එක පාවිච්චි කලේ රෙකෝඩින් වලට ඊළග පරිගණකයෙන් තමයි වැඩසටහන් වල තීම් සිංදු ආදිය ධාවනය කලේ. ඊගාවට ප්‍රධාන මික්සර් එක. ඊළග දෙකින් උඩින් තියෙන්නේ අර නිවේදන කටයුතු කරන අය දාගෙන ඉන්න හෙඩ්ෆෝන් සම්බන්ධ කරල තියෙන උපකරණය. ඒකට යටින් තියෙන්නේ අසන්නන් දුරකථනයෙන් සිංදු ඉල්ලන වෙලාවට එයාලත් එක්ක කතා කරන්න භාවිත කරන උපකරණය.

නිතරම ප්‍රධාන පාළක මැදිරියෙන් ශ්‍රවණ තත්වය ගැන අවධානයෙන් ඉන්න ඕන. මයික්‍රෆොන් වලින් එන ශබ්ද ත්‍රීව්‍රතා පාලනය කරන ගමන් අවශ්‍ය වෙලාවල් වලදී සිංදු, තීම් ආදිය ධාවනය කිරීමත් සිදු කරන්නේ මෙතන තියෙන මික්සර් එක උදව්වෙන්.

මේ චමින්දයි මායි. ඔය පිටිපස්සෙන් ඉන්නේ මැදිරිය බලන්න ආපු අය.


ඔය ප්‍රධාන පාලන කටයුතු කරපු තැනයි නිවේදන කටයුතු කරපු තැනයි. මේත් සජීවී වැඩසටහනක් විකාශය කරන අතරතුර තමයි


මේ සජීවී වැඩසටහනක් කරන අතරතුර ගත්තු තත්පර 30ක වීඩියෝ එකක්.

මගේ යූනලයේ චැනල් එකට ඉතුරු ටිකත් හෙමීට දාන්න ඉන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට නම් දාපු වෙලාවෙම ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි. පින්තූර ටිකත් මූණු පොතටම අලවන්න තමයි හිතාගෙන ඉන්නේ

ඔය ප්‍රධාන පාලක මැදිරියෙන් ‍ශබ්ද පරිපාලනය කරල අන්තිමටම ඒක විකාශනය කරන්න දෙන්නේ ට්‍රාන්ස්මීටර් එකකට. මේ පල්ලෙහායින් තියෙන්නේ ඒ ට්‍රාන්ස්මීටර් එක තමයි. වර්ග කිලෝමීටර 25කට ආසන්න ප්‍රදේශයකට FM 96.1 ඔස්සේ අවට ප්‍රදේශවාසී ජනතාවට සවන්දීමට හැකි උනේ මෙන්න මේ උපකරණය නිසා තමයි.

සජීව විකාශය සිදු කලේ මෙන්න මේ ‍ට්‍රාන්ස්මීටරය මගින්



ඔන්න ඔහොම තමා සාමාන්‍යයෙන් සරලවම ගුවන් විදුලි විකාශනයක් කරන්නේ. හොද විකාශනයක් කරන්න නම් නිවේදන කටයුතු කරන මැදිරියට බාහිර ශබ්ද වලින් වන බාධා වීම් වලින් තොර වෙන්න ඕන.

මෙතනදි ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරපු නිසා නොයෙක් බාධා වීම් සිදු උනත් මාධ්‍ය නි‍වසින් සුසර ගුවන් විදුලිය අරගෙන ආපු අයගේ සහ පාසලේ නිවේදන කටයුතු කරපු ළමයි තමන්ට හැකි පමණින් මේ විකාශන කටයුත්ත දිගටම කරගෙන ආව. අතිසාර්ථක අන්දමින් (චමීර අයිය කියපු විදියට 100ට 500ක් සාර්ථකව) සුසර ප්‍රජා ගුවන් විදුලිය බටපොල නගරය හා ඒ අවට ගුවන සිසාරා පැවතුන බව අසන්නන්ගේ ප්‍රතිචාර වලින් තේරුනා. අවසන් දවසේ මේ අවසන් විකාශය කියල දැනුම් දුන්නම ඇසට කඳුලු නැඟුනු අයත් සිටියා. ඔවුන් තව ටික දවසක් හෝ මෙය පවත්වන්න කියා ඉල්ලීම් පවා ඉදිරිපත් කලා.


ඔන්න ඔහොම තමයි ඇත්තටම කල ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ.
අපට මාතර මාධ්‍ය නිවසේ අය අමතක නොවෙන්න මතක තියෙනව වගේම ඔවුන්ටත් මේ අපිත් එක්ක ගත කරපු ඉතා කෙටි කාලය හොදට මතක හිටිවී. සුද්දට ගේට්ටු කකුල උඩින් යවන හැටියි, තිලංගට මීටියාගොඩයි ගේට්ටු මුර කරපුවයි, කපිලට අත පිච්චිචුන හැටියි, සුරංගාට ලිස්සලා වැටෙන හැටියි අමතක වෙන එකක් නෑ. නම් වශයෙන් සඳහන් නොකලත් ඔවුන් සියළු දෙනාම යලිත් දවසක කොහේදි හරි මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.