Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.

මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න
මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.

එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.
(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)

දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්න


එවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක.  මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.


ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.

සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත. එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.

එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.




එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.

සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.
එය අවසන් වූ පසු restart වනු ඇත.
ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.

අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.

වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.


එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.

2012-05-18

Android එක්ක ජීවිතේ



Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.

Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net connect කරගමන්ම. හැබයි හොදම ඒව මෙව්ව නැතිව දෙන්නෙ නැති නිසා කළුකඩේ පිහිට තමා.

ඔපිස් ප්‍රෝ, හොට් ප(ර්)සුයිට් හිට දාල බැලුවා.

xmbc remote එක නං සිරාවටම වැඩ කරනවා.

අනිත්දේවල් නම් ඉතිං හැමෝම ට්‍රයි කරල ඇතිනේ.

යංතං ඇඩ් ටික අයින් කරගත්ත lucky patcher එකෙන් මතක හැටියට අයින් කලේ.

SE PC suite එකෙන් වැඩක් උනේ අප්ඩේට් කරන්න විතරයි. අන්තිමට හොයාගත්ත කන්ටැක්ස් මැසේජස් පික්චර්ස් මියුසික් මැනේජර් එකක්.

ඕන නං ට්‍රයි කරල බලන්න මෙන්න කඹේ  http://www.wondershare.com/android-manager/guide.html

නම MobileGo

තව experiments කරපුවනම් තියේ..

හොදම ඇප් දෙක කියල කියන්න පුලුවන් super manager සහ ES filemanager.






2012-04-13

ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කිරීම.

ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම.
මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ මේ පෝස්ට් එක වෙනුවෙන්.



මේ තියෙන්නේ සාමාන්‍ය පරිදි Computer එකේ තියෙන Hard Disk Partition ටික. මේකේ විදියට බැලුවම තියෙන්නේ 320GB HDD එකක් සහ 4GB RAM එකක්. Hard Disk එක පාටිෂන් 3කට කඩා වෙන්කරල තියෙන බව පේනවනේ. 320GB HDD එකක් කීවට මේකේ Available use කරන්න පුලුවන් ප්‍රමාණය 298.09GB විතරයි.

මුලින්ම Computer Right Click කරල Manage කියන එක තෝරල පහත පරිදි Computer Management කවුලුවේ Disk Management කියන එක තෝරගන්න. එතකොට පරිගණකයේ දැනට ඇති Drive සේරම වල විස්තරයක් පෙන්නාවි. බලන්න Hard Disk එක කොටස් කරල තියෙන විදිය. ඒ වගේම තමයි ඔතනදී තව දෙයක් පේනවා. System සහ C,D කොටස් තද පැහැයෙන් තියෙනව. අනිත් එක ටිකක් ලාපාටක් තියෙන්නේ. ඒවගේම ඒක වටේ කොළපාටක් තියෙනවා. එත් එක්කම උඩ තියෙන විස්තර බැලුවොත් පෙනෙයි ඒකට හේතුව මොකක්ද කියලා. System සහ C,D කොටස් Primary ලෙසත් G කොටස Logical ලෙසත් පැවතීම තමයි හේතුව. සාමාන්‍යෙයන් උපරිම වශයෙන් Primary Partitions 4ක් සාදන්න පුලුවන්. Windows  7 ස්ථාපනයේදී ස්ථාපනය අතරම මෙම Partition කිරීම කල හොත් මුල් කොටස් සියල්ල Primary ලෙස සෑදෙනවා.  එහෙම උනොත් ලිනක්ස් ස්ථාපනයේදී Grub එක ස්ථාපනය කරන්න Primary Partition එකක් නැතිවීම Error එකක් දීමට හේතුවක් වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. මේ විදියට තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. තව Primary එකක් තැනීමට ඉඩක් තියලයි මම 7 ස්ථාපනය කරල තියෙන්නේ.


දැන් මම හදන්නේ ලිනක්ස් ස්ථාපනයට ඉඩක් වෙන් කරගැනීමටයි. ඉතිං ඒ සඳහා G Partition එකෙන් 30GB ඉඩක් මම ඒ සඳහා වෙන් කරනවා. මෙච්චරම වෙන් කරන්න ඕන නැහැ. තමන් දාන වෙළුම අනුව ඒක තීරණය කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරනවනම් 15GB වෙන් කරගත්තනම් හොදටම ඇති.

මුලින්ම ඉඩ ගන්න පුලුවන් partition එක Shrink කරන්න අවශ්‍යයි. මෙහිදි මෙම partition එකේ Data තිබෙනවනම් ඔබ වෙන්කරන්න බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි ඉඩක් free space ලෙස තිබීම වැදගත්. නැතිනම් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඉඩ වෙන්කරගන්න නොහැකි වෙන්න පුලුවන්.

ඉතින් G partition එක shrink කරන්න එය මත right click කර Shrink Volume යන්න තෝරන්න


එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත. එහි දැනට වෙන්කරගත හැකි උපරිම ඉඩ ප්‍රමාණය සුදු කොටුව තුල වෙන්වනු ඇති. 


මෙය MB වලින් එනම් Megabyte වලින් ලබාදෙන ප්‍රමාණයන් නිසා. 30GB වෙන් කරගැනීමට නම් 30720MB වෙන් කල යුතුය. එය ලබාගන්නේ අදාල GB ගණණ 1024න් වැඩි කිරීමෙනි. උදාහරණයක් ලෙස 15GB වෙන් කරගැනීමට අවශ්‍ය නම් 15*1024 මගින් ලබාදිය යුතු ගණන  ලබාගත් හැක.


දැන් Shrink කල විට පහත පරිදි 30GB ඉඩක් Free space ලෙස පෙන්වනු ඇති.


ඉහත පරිදි ඔබට අවශ්‍ය Gigabyte ගණන Free Space ලෙස පෙන්වයි නම් දෘඩ තැටියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන අවසන්.. 

හන්තාන ස්ථාපනය කරන්න ඇවැසි නම් දැන් http://hanthana.org/si/install.php හි විස්තර කර ඇති ආකාරයට ස්ථාපනය කල හැකි වනු ඇත.

අනෙකුත් ලිනක්ස් වෙළුම්ද මේ ආකාරයෙන්ම ස්ථාපනය කළ හැකි වනු  ඇත.

2012-04-04

Google Music තාම හම්බුනේ නැද්ද? එහෙනම් අරගන්න

Google Search එකේ Navigation එකට ලඟදි අලුතින්  Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.
සාමාන්‍යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි.


මේක බලාගන්න  නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා..
වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත. නිකංම Google Music ලැබෙනවා.
මොකක්ද මේ Google Music කියන්නෙ කියන කුතුහලය නිසා බැලුව මිසක් ඇති වැඩකට කරපු දෙයක් නෙවෙයි. බලන්න ඕනනම් කරල බලන්න.

2012-03-19

PHP කෙටියෙන් ලියමු.


සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ

<?php echo $variable ?>

ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන්

<?= $variable ?>

තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය

සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ.

echo "var is ";
if ($var < 0) {
      echo "negative";
}else {
     echo "positive";
}


මෙහිදී එක statement එකක් විතරක් තියෙන නිසා සඟල වරහන් { } නොමැතිව මේ විදියට ලියන්න පුලුවනි.

echo "var is ";
if ($var < 0)
      echo "negative";
else
     echo "positive";


තව දුරටත් කෙටි කරනවා නම් මේ විධානය පහත විදියටත් ලියන්න පුලුවනි.
echo "var is ".($var < 0 ? "negative" : "positive");

එහෙනම් කෙටියෙන් ලියමු ඉක්මණට කෝඩ් කරමු. ජයවේවා!

2012-02-29

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ආරම්භය

මතක ඇතිනේ විභාගයක් ලියලා NVQ 6 අරන් interview ගිහින් NVQ 7 සඳහා  සිහිනයක් සැබෑ උනා වගේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට ඇතුලු උන හැටි.  ඒ අතර ඕව හීන  විතරයි කියල කොමෙන්ටුත් නොවැටුනා නොවේ.

 ඉතිං එහෙම ඇතුලුවෙලා දැන් අවුරුද්දකුත් ගෙවිල ගිහින්. ඉතිං ගතවුණු කාලය ගැන කියනවනම් දැනටම පලමු වසර (Semesters 2ක්) ඉවරයි.
Year 1 - Semester I එකේදි
Database Analysis and Design
Computer Networks
Software Development Practices
Object-Oriented Programming with C++ and Java
Computer Architecture & Operating Systems
Engineering Mathematics (ICT)

සහ
Year 2 - Semester II එකේදි
System and Network Administration
Fundamentals of Mass Communication
Enterprise Technologies and Architectures
Database Management Systems
Data Structures and Algorithms
Web Programming
Database Programming

යන විෂයයන් ඉගෙනගත්තා. මේ Semester 2 ම
B.Tech. in Software Technology
B.Tech. in Multimedia & Web Technology
B.Tech. in Network Technology යන Degree තුනටම පොදුයි.

මේ පටන් ගත්තු වසරේදි පොදු විෂයන් බොහාමයක් ඉවත් වෙලා.
ඉතිං මං කරන්නේ B.Tech. in Multimedia & Web Technology නිසා Semester III වලදි Multimedia පැත්තට හැරෙනවා. ඒ අනුව දැන්
Audio Visual Production Techniques
Audio and Video Editing Techniques
යන විෂයනුත් ඊට අමතරව
Programming in .NET
Web Technology & Applications
හදාරන්න වෙනවා.

මේ වෙද්දි Audio Visual Production Techniques වලදි  Script එකක් ලියන්නෙ කොහොමද ඒකට  Story Board අදින්නෙ කොහොමද කැමරා හසුරුවන්නෙ කොහොමද කියන දේවල් ඉගෙනගෙන තියෙන නිසා Assignment විදියට Script එකක් ලියල Shots කඩන්න එකකුත් තව  Song එකකට visual එකක් කරන්න Story Board එකකුත් දෙන්න ඕනා. Script එක නම් ලීවා. ලකුණු ආවම තමයි බලන්න ඕන කොහොමද කියලා. (කවද ලියපු ස්ක්‍රිප්ට්ද? අනික java script නෙවෙයිනේ) තාම සිංදුවක් තෝරනවා Visual කරන්න. මේව ගැන දන්න කවුරුහරි ඉන්නවනම් ඕං පහල කොටුවක් තියෙනවා පොඩි උදව්වක් හෙම කරල යන්න පුලුවන්.

ප.ලි.  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයත් මේ අතර පිහිටෙවුවා. ඉතිං විශ්ව විද්‍යාලයක් විදියට අඩුපාඩු තියෙන දේවල් හදාගන්න ඒක ලොකු උදව්වක් වෙයි. දෙවන Batch එක මාර්තු මාසෙ ගන්නව කියල ආරංචිය තියෙනවා. තාම නිල වශයෙන් දැනුම් දීමක් නම් උනේ නැහැ. එන අයව පිලිගන්නත් තියෙනවා.


2012-01-06

Signed Int in Java

while the code in java sometimes i wanted to use signed integer type. but like C++ coudn't find a way to use signed int.  so thought about a way to convert negative integers to positive.

int integerVariable;
integerVariable =-20;
//now convert negative values to positive
if(integerVariable<0)
     integerVariable=0-integerVariable;


now just use integerVariable as your wish. it will only contain positive values.

How to Convert Integer Variable to String in Java

This is the simplest way i found on my experiments in type casting int to String in Java

//initialize a integer type variable
int integerVariable = 4;
//initialize a String type variable
String stringVariable;
//Type Cast int to String
stringVariable=integerVariable="";


is there a simple way than that your comments are really appreciate.