Pages

2013-03-15

Android එකේ GPS එක Slow වගේද? A-GPS වලට මාරු වෙමුද?


Android ෆෝන් එකක් දැකපු නැති කෙනෙක් නෑනේද? ඉතිං ඕකේ GPS කියල Function එකකුත් තියෙනව. GPS වැඩ කරන හැටි දන්නැත්නම් මෙන්න කාලිංග අයිය ලියපු එකක් තියෙනවා.

ඒත් GPS එක්ක වැඩ කරන්න ගියාම තියෙන එක අවුලක් තමයි ඔය position එක ගන්න ටිකක් වෙලා යන එක. බොරුනම් බලන්න Android එකක Google Maps Open කරල කොච්චර වෙලාවක් ගන්නවද කියල ඉන්න තැන පෙන්නන්න. Google Maps වල නම් Position එක දෙන්න GPS එකයි Data එකයි on කරන්න කියයි.

එත් Phone වල spec බැලුවම A-GPS කියල එකකුත් තියෙනවනේ. මෙන්න මේවගේ.
GPS Yes, with A-GPS support
ආන් ඒ  ෆෝන් වලට හැකියාව තියෙනවා A-GPS වලින් ස්ථානය ඉක්මණින් ලබාගන්න.

A-GPS කියන්නේ Assisted GPS කියන එක කෙටි කරල.

වැඩි කතා ඕන නැහැ. A-GPS කියන්නේ ජංගම දුරකථන ජාලය හරහා තමන් ඉන්න තැන ලබාගන්න පුලුවන් ක්‍රමයක්.
 මේකෙන් දළ අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ඉතින් ඔය ක්‍රමයෙන් Location එක ගන්න Android ජංගම දුරකථනවලදි
Location and Security Settings වල තියෙන Use Wireless Networks කියන එක සක්‍රිය කරගන්න.
සක්‍රිය කලාට පස්සේ නැවත බලන්න Position එක දෙන්න ගතවෙන වෙලාව කොච්චරද කියල.
ඉස්සෙල්ලට වඩා අඩුයි නේද?

GPS නැති ජංගම දුරකථන වල ස්ථානය ගන්න විදිය මාලින්ද ලියල තිබුන. ඒකෙන් Nokia Phone වල තියෙන මැප් එකෙන් උනත් බලාගන්න පුලුවන්.
මගේ ගාව තිබුණු N73 එකෙත් ඒ විදියට Position එක ගන්න පුලුවන් කම තියෙනවා.

1 අදහස්:

  1. ස්තූතියි.
    මේ ක්‍රමයේ නිවැරදි බව ඉතාම අඩුයි.කිලෝ මිටර් 3 ක් 4ක වෙනසක් තියනවාබොහෝ විට.(කොළඹට කිට්ටුව නම් හොදයි.)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ