Pages

2017-11-28

සැටලයිට් අල්ලන්න කලින් දැනගන්න ඕනෙ මොනවද?

Satellite හරහා නොමිලේ TV බලමු  කියල කලින් ලිව්ව පෝස්ට් එකේ පොඩ්ඩක් මං කරපුවත් එක්ක කවලමේ ලිවුව නිසා අපැහැදිලි ඇති. අද කියන්න යන්නෙ මොනවද සැටලයිට් එකක් අල්ලන්න කලින් දැනගන්න ඕන කියලා.

අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ මොන සැටලයිට්ද කියල දන්නැතිව අල්ලන්න යන එක. මුලින්ම අපිට ඕන චැනල් තියෙන අපට සිග්නල් අහුවෙන සැටලයිට් එකක් වෙන්න එපැයි. නැත්තං ලෝකෙ අනිත්පැත්තෙ තියෙන ඒව කොච්චර හොද චැනල් තිබ්බත් අපට සිග්නල් නෑනෙ.

මේ තියෙන්නෙ 45.1°E පිහිටුමේ තියෙන Intelsat 904 අපි දන්නෙ Dialog TV මගින් ආවරණය වන කලාපය. ලංකාව අයිති ප්‍රදේශයට වැඩිපුර ආවරණය වෙන විදියට තියෙනව පේනව ඇතිනෙ. ඒවගේම 52.6 කියල පෙන්නන්නෙ EIRP අගය dBW වලින්. ඒ කියන්නෙ කොච්චර ප්‍රබලතාවයක් මේ සිග්නල් වල තියෙනවද කියන එක.


Spot 1 (Ku band)


ඒ ප්‍රබලතාවය අනුව අපට පුලුවනි බලාගන්න කොච්චර ලොකු Dish එකක් මේ සඳහා අවශ්‍ය වෙනවද කියලා.

මේ තියෙන වගුවෙන් බලාගන්න පුලුවන්.

EIRP  අගය 50ට වඩා වැඩි නිසා 55cm Dish එකකින් මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබාගන්න පුලුවන් වෙන්න ඕන.  මේ තියෙන්නෙ තව ඔය වගේ dish size පරාසයන් තියෙන වගුවක්. 

EIRP
(dBW)
>5050494847464544
Size
(cm)
5050-6055-6560-7565-8575-9585-10595-120

ඩයලොග් වල වහින වෙලාවට  සිග්නල් නැතිවෙන්නෙ වලාකුළු නිසා signal level අඩුවෙන නිසා. ඒක අඩු කරගන්න පුලුවන් ටිකක් ලොකු Dish එකක් දාගත්තනම්.

ඒ සැටලයිට් එකේම තව Beam එකක් තියෙනව පහල විදියට. බැලුව ගමන් පේනව ඇති මේකෙ සිග්නල් ලංකාවෙ අහලකටවත් ඇවිත් නෑ. ඒක අයිති Vivacom ලට. Dialog වගේම Packages තියෙන එකක්. 
Spot 2 (Ku band)

මේ සිග්නල් උනත් අල්ලන්න පුලුවන් ටිකක් ලොකු ඩිෂ් එකක් තිබුනොත්.

සැටලයිට් වලින් කොහොමද ප්‍රදේශ ආවරණය වෙන්නෙ කියල පොඩි අදහසක් එන්න ඇති කියල හිතනවා.  ඉතිං ඒ ආවරණ කලාපයේ අපි ඉන්නවද කියල satbeams,  tracksat වගේ සයිට් වලින් බලාගන්න පුලුවන්.
තමන් සැටලයිට් එක අල්ලන්න හදන ස්ථානය ඒ සිතියමේ ක්ලික් කලානම් එතනට අදාලව කොච්චර Azimuth එකක් සහ Elevation එකකින්ද සිග්නල් එන්නෙ කියල බලාගන්න පුලුවන්. 


ඊලගට බලන්න ඕන අදාල නාලිකා මොන සංඛයාත වලින් ඒ සැටලයිට් එකෙන් විකාශය කරනවද කියල. ඒ විස්තරත් lyngsat, tracksat, වගේ සයිට් වල තියෙනවා.

ඉතිං අල්ලන්න කලින් ඔය විස්තර ගැන ටිකක් හොයල බැලුවනම් වෙලාව ඉතිරිකරගන්න පුලුවන්.

5 අදහස්:

  1. වටින ලිපියක්. නොදන්න ගොඩක් දේ දැනගත්තා ++++++👏👏👏

    ReplyDelete
  2. @Anonymous
    ස්තුතියි

    @Hasitha Prasad
    ස්තුතියි

    @harshana sampath kariyawasam withanage
    ස්තූතියි

    ReplyDelete
  3. මට දැනගන්න ඔන හොට් බර්ඩ් සැටලයිට් 13eවල සිග්නල් ලංකාවට අල්ලගතහැකිද හැකිනම් කොපමන විසාල ඩිෂ් එකක් උවමනාද කියන එකයි

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ